Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2017 20:48:22 Hours

7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් කයිතඩි වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් හමුවේ

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සාමාජිකයින් පසුගියදා කයිතඩි ‘ශාන්ති නිලයම්’ වැඩිහිටියන් සඳහා වූ රජයේ නිවාසයේ සංචාරයක් සිදුකර එහිදි එම වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙත කෑම බීම ආදියෙන් සංග්‍රහ කළ අතරම කැලිප්සෝ සංගීතමය අත්දැකීමක්ද ලබාදෙන ලදි.

7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරි මේජර් ගීතිකා රන්කොත්ගේ ගේ නායකත්වයෙන් එහි කාන්තා නිලධාරීන්ගේ සහ අනෙකුත් කාන්තා සෙබලියන්ගේද සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ.

7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා නිලධාරිනියන් මෙන්ම කාන්තා සෙබලියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Nike air jordan Sneakers | Nike Shoes, Sneakers & Accessories