Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2017 16:02:58 Hours

නික්මයන ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කර්යාලයේ නික්මයන නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ජේකොබ් ඉංග්ලිෂ් මහතා බදාදා (04) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපද තානාපති කර්යාලයේ නව නියෝජ්‍ය ආරක්ෂක උපදේශක කරින් ග්ලීස්නර් මහත්මියද සහභාගී විය.

නික්මයන ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ජේකොබ් ඉංග්ලිෂ් මහතා, සිය ධූරකාලය තුලදී යුද්ධ හමුදාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය කෘතඥතාව පළකර සිටියේය.

මෙම සුහද සාකච්ඡාව අවසනයේ දී සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

Sneakers Store | Sneakers Nike Shoes