Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2017 15:51:54 Hours

නව 232 වන බළසේනාධිපති රාජකාරී අරඹයි

ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර තොප්පිගල ප්‍රදේශයේ පිහිටි 232 වන බලසේනා මූලස්ථානයේ නව බළසේනාධිපති වශයෙන් කර්නල් රොෂාන් ජයමාන්න බදාදා (27) දින වැඩ භාරගන්නා ලදී.

නව පත්වීම් ලද බලසේනාධිපති, 232 බල බලසේනාව වෙත පැමිණීමේදී ඔහු වෙනුවෙන් ආරක්ෂක මුරයක් පිලිගන්වා ගෞරව අචාර පුදකරන ලදී.

අනතුරුව රජකාරි ලිපියට අත්සන් කිරීමෙන් ඔහු සිය කාර්යාලයේ වැඩ භාරගැනීම සංකේතවත් කළේය. මෙම නව බළසේනාධිපතිවරයා 232 වන බලසේනා මූලස්ථානයේ දී සිය නව ධූරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් අඹ පැළයක් රෝපණය කර අනතුරුව සියළුම නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගීවන ලදී.

232 බලසේනාවට අයත් අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Best jordan Sneakers | Mens Flynit Trainers