Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th September 2017 22:45:54 Hours

යුද්ධ හමුදාව විසින් ගොඩනගන ලද තවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක් වව්නියාවේදි ජනතා අයිතියට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ඔවුන්ගේ ඉංජිනේරු ප්‍රවිණත්වයෙන් දියත් කරන ලද තවත් එක් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් වශයෙන් වව්නියාව නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකීර්ණය ඉදිකර ඉරිදා (24) දින ජනතා අයිතියට පත් කරන ලදී.

මෙම නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකීර්ණය සෞඛ්‍ය, පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍ය ගරු දොස්තර රාජිත සේනාරත්න මැතිතුමන්ගේ සුරතින් සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදි.

මෙම ව්‍යාපෘතිය සඳහා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර කේන්ද්‍රකරගත් ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහි ලෝක අරමුදල (Global Fund to Fight AIDS, Tuberculosis and Malaria (GFATM)) විසින් මුල්‍යාධාර සපයන ලදි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, එම ආරක්ෂක ‍‍සේනා මුලස්ථානය යටතේ වන භට පිරිස් සහ 2 වන ඉංජිනේරු සේවා බලකායේ නිලධාරින් සහ භට පිරිස් හි ශ්‍රම දායකත්වයෙන් මෙම කාර්යාල සංකිර්ණයේ ඉදිකිරිම් කටයුතු නිමකරන ලදි.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය, පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍යතුමන්, ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර කේන්ද්‍රකරගත් ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහි ලෝක අරමුදලේ නිලධාරින්, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර්.පි ද සිල්වා, සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරින් රැසක් ද රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් ද සහභාගි විය.

Sports Shoes | Nike Running