Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th September 2017 19:08:22 Hours

පාසල්වල ඩෙංගු මර්ධනය සඳහා යුද්ධ හමුදා භට පිරිස්හි සහාය

තුන්වන පාසල් වාරය ආරම්භවීමට පෙර සීඝ්‍රයෙන් පැතිරයන ඩෙංගු වසංගතය මර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ප්‍රදේශයේ සියලුම පාසල් ආවරණය කරමින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ 1000 කට අධික භට පිරිසකගේ සහභාගිත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් රාශීයක් පසුගියදා දියත් කෙරුණු අතර, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත එම ඩෙංගු මර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක විය.

මෙම ඩෙංගු මර්ධන ශ්‍රමදාන ව්‍යාපාරය කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ මඟපෙන්වීම අනුව ක්‍රියාත්මක වු අතර, 57, 65 සහ 66 වන සේනාංකයන් ද මේ සත්කාරය සඳහා දායකවිය.

මේ අතර, වවුනියාව ප්‍රදේශයේ පාසල් 41 ක් අවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටත් ස්ථාපිත 61 වන සේනාංකයේ භට පිරිස් විසින් ද පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වු මෙම ඩෙංගු මර්ධන වැඩසටහනට 611, 612 සහ 613 වන බලසේනාවන්හී භට පිරිස් ද එක්විය.

මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු උතුරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ශ්‍රී ස්කන්ධරාජා මහතා සහ වවුනියාව සහකාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුක්ෂාන් හැදලගේ විසින් සිදු කරන ලදී.

Sports brands | Zapatillas de running Nike - Mujer