Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2017 14:53:16 Hours

66 වන සේනාංකය පොල් වගාකිරීමේ වැඩසටහනක් අරඹයි

පොල් වගාව ව්‍යාප්ත කරලීමේ සහ දීගු කාලීනව සාමාන්‍ය වැසියන්ට ආදායම් මාර්ගයක් සපයාදීමේ අරමුණින් 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් අනුව පූනරින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත පොල් පැළ ලබාදීමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (07) දින පවත්වනු ලැබීය.

අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේදී පොල් පැළ බෙදාදීමෙන් අනතුරුව, පොල් වගාකිරීම පිළිබඳව සාමාන්‍ය වැසියන්ට පුහුණු වැඩසටහනක් ද එහිදි ක්‍රියාත්මක විය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සහයෝගය ඇතිව 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලානගේ සංකල්පයක් මත අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙසේ පොල් පැළ 100 ක් බෙදාදෙනු ලැබීය.

බලඇණි පුහුණු පාසලේ පැවැති මෙම කෙටි උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන් සහභාගිවූ අතර, පොල් පැළ බෙදාදීම සහ ඒ පිළිබඳ පොත්පත් බෙදාදීම සඳහා 66 වන සේනාංකයේ සේනාකාධිපතිතුමන් ද එක්ව සිටියහ.

ගිරිඋල්ල, සිල්වර්මිල් පුද්ගලික සමාගම රුපියල් මිලියන 2 ක පමණ වැය කරමින් පැළවල ගුණාත්මක වර්ධනයක් සඳහා අවශ්‍ය පැළ, පොහොර, කෘෂිකාර්මික ළිං ඉදිකිරීම, ආරක්ෂක වැටවල් ඉදිකිරීම පිළිබඳ තාක්ෂණික සහාය ද මෙහිදි සාමාන්‍ය වැසියන්ට සපයන ලදී.

66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ආරාධනයෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ අතර, පූනරින් දිස්ත්‍රික් ලේකම් ක්‍රිෂ්නේද්රන් මහතා, පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කලමණාකරු යුගුන්දන් මහතා සහ සිල්වර්මිල් සමාගමේ නියෝජිතයින් ඇතුළු ආරාධිතයින් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සහභාගි විය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සාමාන්‍ය වැසියන් සමගින් අදහස් හුවමාරු කරගනිමින් ඔවුනට අනාගතයේදී පහසුකම් සැපයීම පිලිබඳව පිලිසඳරක යෙදුණි. කිලිනොච්චි ප්‍රදේශයේද මෙවැනි ව්‍යාපෘතීන් ඇතිකිරීමේ හැකියාවන් පිලිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය.

trace affiliate link | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ