Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2017 19:56:48 Hours

කිලිනොච්චි අඩු ආදායම්ලාභී ශීෂ්‍යයන්ට මීගමුව රොටරි සමාජයෙන් පාපැදි ප්‍රදානයක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් ප්‍රේඩි කෲස් මහතාගේ (Mr Freddy Cruise) මුලිකත්වයෙන් යුතුව මීගමුව රොටරි සාමාජය හා එක්වි කිලිනොචිචි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ශීෂ්‍යයන් වෙත පාපැදි 80 ක් අඟහරුවාදා (05) දින කිලිනොච්චි නෙලුම්පියස ශ්‍රවණාගරයේ දී ප්‍රදානය කර ඇත.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ආරාධනයෙන් මීගමුව රොටරි ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් විසින් කිලිනොච්චි පාසැල් සිසුන්ගේ යහපත වෙනුවෙන් මෙම සත්ක්‍රියාව සිදු කර තිබේ.

මල්ලාවි, විශ්වමඩු සහ පුනරීන් ප්‍රදේශවලින් තෝරාගත් අඩු ආදායම් ලබන පවුල් වල සිසුන් 65 ක් ද දොන් බොස්කෝ විදුහලේ සිසුන් 15 ක් ද මෙසේ පාපැදි පරිත්‍යාග ලැබුහ.

මෙම උත්සව අවස්ථාවට කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු මෙම පාපැදි පරිත්‍යාග කිරීමේ උත්සවයට දොන් බොස්කෝ පාසැලේ විදුහල්පති පූජ්‍ය පියස් ජෝර්ජ් පියතුමන් (Rev Father Pius George) , මිගමුව රොටරි සාමාජයේ ප්‍රේඩි කෲස් මහතා (Mr Freddy Cruise), සේනාංකාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, දෙමාපියන්, ශීෂ්‍යයන්, ආරක්ෂක හමුදා නිලධාරින් සහ සාමාන්‍ය වැසියන් රැසක් සහභාගි විය.

Nike Sneakers | UOMO, SCARPE