Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2017 18:32:40 Hours

ආරක්ෂක සේවා සාමාජිකයින් වෙනුවෙන් කඳුබෝඩ තවත් භාවනා වැඩසටහනක්

සක්‍රීය සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ මානසික සුවය සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කොට ඇති භාවනා වැඩසටහන් පෙලෙහී තවත් එක් වැඩසටහනක් කඳුබෝඩ බවුන්සෙත් සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී අගෝස්තු 31 (බ්‍රහස්පතින්දා) දින පවත්වන ලදි.

කීර්තිමත් භාවනා යෝගියකු වන එම විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය දියසෙනපුර විමල හිමි විසින් යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ තෝරාගත් පිරිසකට මෙසේ භාවනා වැඩසටහනක් දවස පුරා පවත්වන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පවත්වනු ලබන මෙම භාවනා වැඩසටහන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර අතිශ්‍ය ජනප්‍රියවෙමින් පවති.

මේ අතර, මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් කඳුබෝඩ බවුන්සෙත් සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී තවත් භාවනා වැඩසටහනක් සැප්තැම්බර් 07 (බ්‍රහස්පතින්දා) දින සංවිධානය කර තිබුණි.

එදින පැවති භාවනා වැඩසටහනට කාන්තා යුද්ධ හමුදා සෙබලියන් 9 ක් ඇතුළු යුද්ධ හමුදා සහ නාවික හමුදා සාමාජිකයින් 87 දෙනෙකු සහභාගි වුහ.

buy footwear | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News