Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2017 21:58:13 Hours

PATS -2017 තරඟාවලියට සහභාගි වු යුද හමුදා කණ්ඩායමට රිදී පදක්කම් දෙකක්

2017 - දෙවන ජාත්‍යන්තර Pakistan Army Team Spirit (PATS) තරඟාවලිය මාර්තු මස 31 වන දින සිට අප්‍රේල් මස 8 වන දින දක්වා පකිස්තානයේ පැවති අතර ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාබල හමුදාව සහ කමාන්ඩෝ රෙජිමේන්තු කණ්ඩායම් මේ තරඟාවලියට සහභාගි වී රිදී පදක්කම් දෙකක් දිනා ගන්නා ලදී.

පකිස්තානයේ ජිලුම් නගරයේ ජාතික ප්‍රති ත්‍රස්ත මධ්‍යස්ථානයේ (National Counter Terrorism Centre) පැවති මෙම තරඟාවලිය චිනය, ඉන්දුනිසීයාව, ජෝර්දානය, මලයාසීයාව, මාලදිවයින, මියන්මාරය, ශ්‍රී ලංකාව, තුර්කිය, තායිලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පවත්වන ලදී. මෙහිදී තරඟ ඉසව් 28 ක් පැය 72 ක අභියෝගාත්මක කාලයක් තුළ පැවැත්විණි.

රිදී පදක්කම් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම දෙක අද සවස (10) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නැවත දිවයින වෙත පැමිණි අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එම කණ්ඩායම් දෙක පිළිගන්නා ලදී.

තරඟයට සහභාගි වු ශ්‍රී ලංකා කණ්ඩායම කළමනාකරු, කණ්ඩායම් නායක, කණ්ඩායම් උපනායක, කණ්ඩායම් කොමිෂන් නොලත් නිලධාරී, රෙඩියෝ ක්‍රියාකරු, රයිෆල් සෙබලුන් දෙදෙනෙකු සහ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු ඇතුලුව 11 දෙනෙකුගෙන් සමන්විත විය.

මෙම තරඟාවලියේ දී පකිස්තානු සහ චීන කණ්ඩායම් වලට රන් පදක්කම් හිමිවු අතර ශ්‍රී ලංකා, තුර්කි සහ එක්සත් රාජධානි කණ්ඩායම් වලට රිදී පදක්කම් හිමි විය. පකිස්තානයේ තවත් කණ්ඩායමක් සහ මලයාසියාවේ කණ්ඩායමක් විසින් ලෝකඩ පදක්කමක් හිමි කර ගත් අතර ජොර්දාන කණ්ඩායමට කුසලතා සහතික පතක් හිමිවිය.

පකිස්තානයේ ගුජ්රන්වලා ප්‍රදේශයේ ආඥාපති (Corps Commander Gujranwala) ලුතිතන් ජෙනරාල් වික්‍රම් උල් හක් තරඟාවලියේ පදක්කම් ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු අතර තරඟයට සහභාගි වු සියලුම විදෙස් යුද හමුදා කණ්ඩායම් වල සහභාගිත්වය වෙනුවෙන් ඔහු විසින් ස්තුතිය පුද කරන ලදී.

ලුතිතන් ජෙනරාල් හිදායත් උර් රෙහෙමාන් (Lieutenant General Hidayat ur Rehman) සහ ලුතිතන් ජෙනරාල් අස්හාර් සලෙයි අබ්බාසි (Lieutenant General Azhar Saleh Abbasi) යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගි විය.

Running Sneakers Store | Nike Shoes