Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2017 09:25:31 Hours

අධ්‍යාත්මික සහ පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන සඳහා 62 වන සේනාංකයේ භට පිරිස් සහභාගි වේ

ගල්කුලම පිහිටි 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.ඒ.එම්.ඒ විජේසිංහගේ මගපෙන්විමෙන්, එම සේනාංක මුලස්ථානයේ නිලධාරින් හා සෙසුනිලයන්ගේ අධ්‍යාත්මික දෘෂ්ටිය වර්ධනය කිරිමේ අරමුණින් යුතුව නවම් පෝය (10) දින මෙම වැඩසටහන පවත්වන ලදි.

වෙහෙරගල රජමහා විහාරයේ විහාරධිපති පුජ්‍ය ඉඹුල්ගොඩ පාඤ්ඥාසිල ස්වාමින් වහන්සේ විසින් පැවැත් වු මෙම වැඩසටහන සඳහා යුද හමුදා සාමාජිකයන් 300 ක් පමණ සහභාගි වුහ.

62 වන සේනාංකයේ සේනාංකාධිපති, 621 සහ 622 බලසේනාවන් හී බලසේනාධිපතිවරු සහ එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු අනෙකුත් නිලධාරින් මේ සඳහා එක්ව සිටියහ.

එමෙන්ම, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.ඒ.එම්.ඒ විජේසිංහගේ මගපෙන්විම යටතේ ‘පෞරුෂත්ව සංවර්ධන’ වැඩසටහනක් බදාදා (08) දින ගල්කුලමේ හි පිහිටි එම මුලස්ථාන ගෘහස්ථක්‍රීඩාංගණය දි පැවත්විය.

62 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන්ගේ ‘පෞරුෂත්වය සහ වැඩ කිරිමේ ධාරිතාවය ’ වැඩි දියුණු කිරිමේ අරමුණින් යුතුව මෙම වැඩසටහන පවත්වන ලදි.

623 වන බලසේනාවේ බලසේනාධිපති එම්.කේ.යු.පි. ගුණරත්න විසින් ‘පෞරුෂත්ව සංවර්ධන’ මෑයෙන් වටිනා දේශණයක් පවත්වන ලදි.

62 වන සේනාංකය යටතේ ස්ථාපිත සියළුම බලසේනා සහ ඒකක නියෝජනය කරමින් නිලධාරින් සහ සෙසුනිලයන් 250 දෙනෙකු පමණ මෙම දේශණය සඳහා සහභාගි වුහ.

Nike air jordan Sneakers | Nike