Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2017 09:23:41 Hours

පේදුරුතුඩුව සිසුන් වෙත පාසල් උපකරණ

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ කාර්යාලය විසින් ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපන සහ සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් පේදුරුතුඩුව ප්‍රදේශයේ පාසල් වලින් තොරාගත් සිසුන් සඳහා පාසල් උපකරණ අඩංගු පාර්සල් 30 ක් බෙදා දිම යාපනය ශ්‍රි නාග විහාරයෙදි සිදු කරන ලද අතර, එහි එක් පාර්සලයක පාසල් පොත්, පෑන්, පැන්සල්, පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ අඩංගු විය.

ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපන සහ සංස්කෘතික මධ්‍යස්ථානයේ ලේකම් පුජ්‍ය මිගහතැන්නේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ, බෞද්ධ, හින්දු සහ කතෝලික පුජ්‍ය පක්ෂය, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් අමේන්ද්‍ර මෙන්ඩිස්, නිලධාරින්, සෙසු නිලයින්, ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sport media | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5