Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th October 2016 13:57:15 Hours

යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙහි පුහුණුකරුවන් ඉදිකිරීම් සඳහා සහයෝගය දක්වයි

නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානයෙහි තෙමහල් ධර්මශාළා ගොඩනැගිල්ලෙහි පළමු මහලෙහි අතළුව (slab) දැමීම සඳහා ශ්‍රම දායකත්වය අපේක්ෂා කරන බව එහි භාරකාරත්වය කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙහි පුහුණුකරුවන් විසින් ස්වේච්ඡාවෙන්ම එම ඉදි කිරීම සඳහා දායකත්වය ලබා දී ඇත.

අනුරාධපුර වෘත්තීය පුහුණු අධිකාරියෙහි උපදේශක එස් විමලසිරි මහතාගේ අධීක්ෂණය යටතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙහි ඉදිකිරීම් පාඨමාළාවෙහි පුහුණුවෙමින් පවතින 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමෙහි තම ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට අනුව මෙම සත්කාර්ය සඳහා සහයෝගය දක්වා ඇත.

නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානයෙහි විහාරාධිපති හිමියන් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා දායක වූ සාලියවැව වෘත්තීය පුහුණු මධ්‍යස්ථායෙහි භට පිරිස් හි ක්‍රියාකාරකම් අගයකරමින් ප්‍රශංසා කරනු ලැබීය.

jordan release date | adidas Yeezy Boost 350