Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2016 14:55:32 Hours

බැතිමතුන්ගේ පහසුකම් සැපයීම යාපනය භට පිරිස් වෙතින්

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් විසින් පලාලි, යුද හමුදා ජනපදය තුල පිහිටි රාජරාජේස්වරි හින්දු කෝවිලේ වාර්ෂික උත්සවය සාර්ථකව සිදු කිරිම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලද අතර, එම උත්සවය ඔක්තෝබර් මස 1 වන දින ආරම්භ වි අඟහරුවාදා (11) දින දක්වා පවත්වන ලදි.

ඒ අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ අධික්ෂණය යටතේ භට පිරිස් විසින් ප්‍රධාන පූජාව සඳහා පැමිණි බැතිමතුන් වෙත පානීය ජලය, ප්‍රවාහන පහසුකම්, වෛද්‍ය පහසුකම් සහ අනෙකුත් මුලික පහසුකම් ආදිය සපයාදෙන ලදි. බ්‍රහස්පතින්දා (11) දින පැවති අවසන් උත්සවය සඳහා බැතිමතුන් සියගණනක් සහභාගි වූහ.

මෙහිදි භට පිරිස් විසින් වතුර ටැංකි,  ජංගම වෛද්‍ය ඒකක ස්ථාපිත කළ අතර, පූජා ඔප්පු කිරීම සඳහා පැමිණි බැතිමතුන් සඳහා ප්‍රවාහන පහසුකම් ද සපයන ලදි.

Mysneakers | Nike for Men