Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2016 07:49:15 Hours

සපුගස්කන්ද මාණ්ඩලික විද්‍යාලය සිය ජාත්‍යන්තර දිනය සමරයි

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය පසුගිය බ්‍රහස්පතින්දා (15) දින එම විද්‍යාලීය පරිශ්‍රයේ දී සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ මඟපෙන්විම යටතේ සිය ජාත්‍යන්තර දිනය උත්සවාකාරයෙන් සමරන ලදි. මෙම උත්සවය සඳහා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා හදාරන උපාධි අපේක්ෂකයින් සහ ඔවුන්ගේ කලත්‍රයින් ද සහභාගි වූහ. අපගේ සංස්කෘතිය සහ සම්ප්‍රදාය නංවාලමින් විදෙස් රටවල් සමග ඇති මිත්‍ර සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් මෙම ජාත්‍යන්තර දිනය සමරන ලදි. තවද මෙම අවස්ථාව සඳහා එම රටවල ආරක්ෂක උපදේශකයින් සහ විවිධ තානාපති කාර්යාල නිලධාරීන් එක්ව සිටියහ. මෙම ජාත්‍යන්තර දින උත්සවය ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 10 හදාරන විදේශ ශිෂ්‍ය නිලධාරීන් විසින් සංවිධානය කරන ලදි. ඔවුන්ගේ සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කිරීමට එහිදි ඔවුන් සංවිධානය කර තිබු කුටින් හොඳින් සරසා තිබුණි. මීට අමතරව, ශ්‍රී ලංකා ආහාර ද්‍රව්‍ය ඇතුලු ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ සම්ප්‍රදායන් නිරූපණය වන මෙම ප්‍රදර්ශන කුටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කාන්තා සමාජය විසින් පවත්වාගෙන යනු ලැබිය. මෙම විනෝදාත්මක අවස්ථාව සම්ප්‍රදායික නැටුම් සමගින් අවසන් වු අතරම, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායකගේ ප්‍රධානත්වයෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් ද පැවැත්විය.bridgemedia | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD