Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2016 16:07:38 Hours

කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලීය වාර්ෂික සම්මන්ත්‍රණ සැසිය බ්‍රහස්පතින්දා (8) ආරම්භ වේ

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ජාත්‍යාන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය - 2016 ‘වෘත්තීය සහසම්බන්ධතාවය තුලින් ආරක්ෂිත දේශයක්’ යන මැයෙන් 9 වන වරටත් සැප්තැම්බර් මස 8 සහ 9 යන දිනයන්හි පැවැත්වීමට නියමිතය. මෙම සම්මන්ත්‍රණය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව සඳුදා (6) දින කොළඹ 03 පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී එම විශ්ව විද්‍යාලයේ උප කුලපති රියර් අදිමිරාල් ජේ.ජේ. රණසිංහ, නියෝජ්‍ය උපකුලපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග, කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ සභාපති ආචාර්ය ජේ.එම්.කේ.බී. ජයසේකර, එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර විද්‍යාපීඨයේ පිඨාධීපති ආචාර්ය එම්.එම්. ජයවර්ධන සහ අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. මෙම සම්මන්ත්‍රණයේ මූලාසන දේශනය නීතිය හා සාමය, සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා විසින් සිදු කිරීමට නියමිතය. ඉන් අනතුරුව ප්‍රධාන සැසිය ලෙස ආරක්ෂක හා මූලෝපායික අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙයි. එදින පස්වරුවේ සමාන්තර සැසිවාර පවත්වනු ලැබේ. එම සමාන්තර සැසිවාර සඳහා ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ජැමෙයිකාව, ජර්මනිය, චීනය, ස්වීඩනය, ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, මාලදිවයින යන රවල් නියෝජනය කරමින් විද්වතුන් රාශියක් සහභාගි වීමට නියමිතය. මෙහිදි පැවැත්වෙන සමාන්තර සැසිවාර 09 සදහා ආසන්න වශයෙන් දේශීය සහ විදේශීය ඉදිරිපත් කරන්නන් 250 ක් පමණ ඔවුන්ගේ දැනුම සහ පර්යේෂණ සොයාගැනීම් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර සම්මන්ත්‍රණය සඳහා සිදු කරන ලද පර්යේෂණයන්හි සංක්ෂිප්ත වාර්තාවන් 450 කට අධික ප්‍රමාණයක් මෙම විශ්ව විද්‍යාලය වෙත ලැබි ඇති අතර, ඉන් 295 ක් සම්මන්ත්‍රණයේ දී ඉදිරිපත් කිරීම සඳහා අතීශය තරගකාරි විමර්ශන පටිපාටියකින් තෝරා ගන්නා ලදි. ඉන් 212 ක් වාචික ඉදිරිපත් කිරීම සඳහා ද, 83 ක් පෝස්ටර් ඉදිරිපත් කිරීම සඳහා ද යොමු කර ඇත. මෙම සියලුම නව පර්යේෂණ ඉදිරිපත් කිරීම් සම්මන්ත්‍රණය තුල දී විශේෂ විනිශ්චයකට ලක් කිරීමෙන් අනතුරුව ඒ ඒ අංශයන්හි හොඳම වාචික ඉදිරිපත් කිරීම සහ පෝස්ටර් ඉදිරිපත් කිරීම් වෙනුවෙන් ත්‍යාග පිරිනැමිමට නියමිතය.Best Sneakers | Nike