Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th September 2016 21:43:41 Hours

‘දියකාවා’ යුද අභ්‍යාසය VII වන වරටත් කෝකිලායි හිදී ආරම්භ වේ

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ ‘දියකාවා යුද අභ්‍යාසය - අදියර VII - 2016’ ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සෙබලුන් 3458 සමගින් හා විදේශිය හමුදා සාමාජිකයින් 58 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම දැවැන්ත අභ්‍යාසය මින්නේරියේ පිහිටි මෙහෙයුම් මුලස්ථානයේදී අද (4) උදෑසන පැවති පුළුල් සුදානම් රැස්වීමකින් අනතුරුව කෝකිලායි ප්‍රදේශයේ දී ආරම්භ විය. කමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබලුන් බහුතරයක් ඇතුලත්ව පාබල හමුදා සෙබලුන් 2500 ක්, නාවික සෙබලුන් 638 ක් සහ ගුවන් සෙබලුන් 506 ක් සමගින් බංගලාදේශය, චීනය, ඉන්දියාව, ජපානය, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ එක්සත් ජනපදය යන රටවල්හි විදේශීය හමුදා නියෝජිතයින් සම්බන්ධවීමට පෙර, අභ්‍යාස අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුකළ විශේෂ විස්තරාත්මක ඉදිරිපත්කිරීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා, බ්‍රිගේඩියර් ප්‍රදීප් සිල්වා, බ්‍රිගේඩියර් ප්‍රියන්ත පෙරේරා සහ අතිරේක නියෝජ්‍ය අධ්‍යක්ෂක කර්නල් නිශාන්ත හේරත් ද සහභාගී විය. ‘දියකාවා යුද අභ්‍යාසය අදියර VII -2016’ හි සැලසුම් හා ක්‍රියාත්මක කිරීම, අභ්‍යාස අධ්‍යක්ෂවරුන් මණ්ඩලයක් හා යුද හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් යුද හමුදා පුහුණු අණසක (ARTRAC) ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස් ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි. ශ්‍රී ලංකා යුද හමුදාව 2009 වසරේ අවසන් කළ ලෝකයේ විශාලතම මානුෂීය මෙහෙයුමෙන් අනතුරුව මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් පුහුණු අභ්‍යාසය දියත්වන අතර, මෙම අභ්‍යාසය නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සහ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රදේශයන් ආවරණය වන පරිදි කෝකිලායි දකුණ සහ පානම උතුරු ප්‍රදේශය ආවරණය කරමින් සිදු කෙරේ. එයට සමගාමීව මෙම අභ්‍යාසය මුහුදු සහ ගුවන් ක්‍රියාන්විත වලින් ද සමන්විත වේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ මෙහෙයුම් හැකියාවන් සහ සෑම මට්ටමක සටන් සූදානම පවත්වාගැනීමේ අරමුණින් යුතුව මුහුදු අභ්‍යාස ද මෙහිදි දියත් කරයි. මෙම අභ්‍යාසයේ අවසන් අදියරේ දී යුද හමුදා භට පිරිස් සමග සම්බන්ධයෙන් නිදර්ශන සතුරු බලකොටු වෙත සෘජු ප්‍රහාර එල්ල කිරීමට බලාපොරොත්තු වේ. යුද හමුදාව ආරම්භ කරන මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ සංවිධානය කිරිම සහ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සහයෝගීතාවයෙන් සිදුකරන අතර, උපක්‍රමික ප්‍රවේශයන්, වැටලීමේ සැලසුම්, ක්‍රියාත්මක කිරීම් සහ අණදිම් භාවිතා කරමින් ඕනෑම හදිසි අවස්ථාවක දී භට පිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේ පුහුණුව ඇති කිරීමේ අරමුණින් යුතුව නිර්මාණය කර ඇත. එසේම, සැලසුම් සකස් කිරීම, පූර්ව සුදානම් වීම, තාක්ෂණික භාවිතය, නැවත නගා සිටුවීම, සම්බන්ධීකරණය, අණදීම, පාලනය, යුද්ධෝපාය ක්‍රම, ශිල්පීය ක්‍රමය සහ ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආදිය පිළිබඳව ද මෙහි දි පුළුල් අවධානයක් යොමු කරනු ලැබේ. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව ද ශ්‍රී ලංකාව තුල නැවත එම තත්වයක් උද්ගතවීමට ඉඩ නොදී ජාතියේ ආරක්ෂාව පවත්වාගැනීම වෙනුවෙන් ජාතියේ ආරක්ෂකයා ලෙස ඉදිරි අභියෝගවලට මුහුණ දී ක්‍රියා කිරීමේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය මගින්මනා පිටුවහලක් ලැබෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පැවසීය. ඒකාබද්ධ නාවික මෙහෙයුම් අණදෙන නිලධාරි කපිතාන් එච්.ආර්.එෆ්.එම්. තිසේරා සහ ඒකාබද්ධ ගුවන් මෙහෙයුම් අණදෙන නිලධාරි ගුවන් කෝමදොරු පි.ඩි.කේ.ටි. ජයසිංහ මෙම අභ්‍යාසයේ දී නාවික හමුදා සහ ගුවන් හමුදා භට පිරිස් සඳහා අණදෙන නිලධාරීන් ලෙස සහභාගි වේ. උපකල්පිත තත්ත්වයන් මත පදනම්ව සහ පුහුණු අරමුණු සාක්ෂාත් කරගැනීම කෙරෙහි අවධානය යොමුකරමින් මෙම වසරේ ‘දියකාවා යුද අභ්‍යාසයෙහි’ අභ්‍යාස මුර සංචාරයන්, වනගත ක්‍රියාකාරකම්, පිරික්සුම් සහ නිරීක්ෂණය, වැටලීම්, සැඟව සිට පහරදීම, මුදවාගැනීම්, අවහිර කිරිම්, සැගවී වෙඩිතැබිම්, නාගරික සටන් සහ ආපදා සහන ක්‍රියාකාරකම් ආදී විවිධ සටන් ක්‍රම මෙන්ම ක්‍රමෝපායන් ද පුහුණුව හරහා දියත් කිරීමට නියමිතය. මෙම අභ්‍යාසය මගින් විදෙස් නියෝජිතයින් වැඩි පිරිසකගේ ආකර්ෂණය දිනාගැනීමට මෙම වසරේ ද සමත් වී ඇත. මෙහි අවසන් නිදර්ශණ අභ්‍යාසය සැප්තැම්බර් 24 දින යාන්ඔය, අරිසිමලේ හිදී පැවැත්වෙන අතර, පසුදින (සැප්, 25) මෙම යුද අභ්‍යාසය සමාප්ති උත්සවයෙන් අවසන් වේ.Adidas footwear | NIKE HOMME