Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th August 2016 13:26:36 Hours

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන්ගේ රැකියාව ආශ්‍රිත ගැටළු විසදීම සඳහා සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් අගෝස්තු මස 8 සිට 9 දිනයන්හි දී ඔවුන් හමුවිය. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත යුද හමුදා සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ දීපාල් මහනාම මහතා විසින් මෙම සාකච්ජාව ආරම්භ කරන ලද අතර, එහිදි සිවිල් සේවක මහතුන්ගේ කාර්යභාරයන් හා ගැටලු සම්බන්ධ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට පියවර ගන්නා ලදි. එම වැඩසටහනේ දී සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ විසින් සිවිල් සේවක මහතුන් යුද හමුදාව වෙනුවෙන් කරන සේවය ඇගයීමක් ද සිදු කළහ. ඉන් පසුව, දීපාල් මහානාම මහතා විසින් සිවිල් සේවක මහතුන් වෙත ඔවුන් රාජකාරි කරන අතරතුර ඔවුන්ගේ ගැටළු විසඳා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කලේ ය. අවසානයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හා සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ දීපාල් මහනාම මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාපනය අර්ධද්වීපයේ ප්‍රදේශීය නිලධාරී ප්‍රභාත් හීනටිගල මහතා, සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණ නිලධාරී ජයසිංහ මහතා, යුද හමුදා නිලධාරීන් මෙන්ම සිවිල් සේවක මහතුන් 350 ක් මෙම සාකච්ජාව සඳහා එක්ව සිටියහ.Asics shoes | Nike