Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th August 2016 22:00:28 Hours

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයෙන් තවත් බදාදා පුහුණු වැඩසටහනක්

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස්. විතානගේ ගේ මගපෙන්විම මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරියෙහි නියුතු නිලධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන බදාදා පුහුණු වැඩසටහනේ තවත් අදියරක් එම මුලස්ථාන ප්‍රධාන දේශන ශාලාවේ දී බදාදා (10) දින පවත්වන ලදි. එම අවස්ථාව සඳහා නිලධාරීන් 40 දෙනෙක් සහභාගි විය. එහිදි 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතාන් එම්.එම්.එස්.ඒ. ගුණතිලක විසින් ‘මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැලකීම’ පිළිබඳ දේශනයක් ද, 6 ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ ලුතිතන් කේ.එල්.වි.එස්. පෙරේරා විසින් ‘ඉන්දීය ධීවර කර්මාන්තය සහ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා හි ප්‍රතිඵල’ මැයෙන් දේශනයක් ද පවත්වන ලදි.Running sneakers | Nike Shoes