Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd July 2016 19:15:00 Hours

වෘත්තීය පුහුණුව ලද හමුදා සාමාජිකයින් තවත් පිරිසක් විසිරයයි

යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමග එක්ව කලාඔය යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයෙහි පවත්වන ලද වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරු තවත් වෘත්තීකයින් පිරිසක් පසුගියදා විසිර යනු ලැබීය. එහිදී යුද හමුදා නිලධාරියෙකු සහ සෙසු නිලයින් 76 දෙනෙකු ඇතුලු යුද හමුදා සාමාජිකයින් 77 දෙනෙකු මෙන්ම සිවිල් සාමාජිකයින් 21 දෙනෙකු විසින් විදුලි කාර්මික ශිල්පය, ජලනල කාර්මික ශිල්පය, ගොඩනැගිලි ඉදිකිරීම් ශිල්පය, සම්භාණ්ඩ තැනුම් ශිල්පය, ඇළුමිණියම් පිරික්සුම් ශිල්පය, පෑස්සුම් ශිල්පය යන වෘත්තීය පාඨමාලාවන් හදාරනු ලැබූ අතර, ඔවුන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 21 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස් ද ඉසෙඩ් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. තවද, මෙම උත්සව සභාව ඇමතු 21 වන සේනාංකයෙහි සේනාංකාධිපති විසින් ‘යුද හමුදා ජීවිතය තුල ලබා ගන්නා ලද අත්දැකීම් ඉදිරි ජීවිතය මනාව සංවිධානය කර ගැනීමට යොදාගත හැකි ආකාරය’ පිළිබඳව හරවත් දේශණයක් ද සිදු කරනු ලැබීය. යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයෙහි සේනාවිධායක කර්නල් එම්.ආර්.කේ ඩබ්.ඊ පින්නවල, යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයෙහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි සහ අනුරාධපුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙහි වැඩසටහන් භාර නිලධාරී කේ. ඩබ් රංජිත් ලාල් මහතා ද මෙම සහතිකපත්‍ බෙදාදීමේ උත්සව අවස්ථාව සඳහා එක්ව සිටියහ.Mysneakers | Footwear