Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd July 2016 19:11:14 Hours

ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් බෝධි පූජා පිංකමක්

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ භට පිරිස් විසින් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යූ.එස්. විතානගේ ගේ උපදෙස් මත ඇසළ පුර පසලොස්වක පොහෝ දින (19) දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට මෙන්ම සේවයේ නියුතු භට පිරිස් වෙත ආශිර්වාද කරමින් බෝධි පූජා පිංකමක් සංවිධානය කරනු ලැබීය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන මූලදීප විහාරයේ පැවති එම බෝධි පූජා පිංකමේ ධර්ම දේශනාව කිරිඉබ්බන්වැව විහාරාධිපති පොලොන්නරුව තිලකාලංකාර ස්වාමින් වහන්සේ විසින් සිදු කරනු ලැබීය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම සිවිල් කාර්ය මණ්ඩලය ද මෙම පිංකම සඳහා සහභාගි වූහ.Running Sneakers Store | FASHION NEWS