Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd July 2016 13:12:43 Hours

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය බදාදා පුහුණු දින වැඩසටහනක් පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් හි රාජකාරි කරනු ලබන නිලධාරීන් වෙනුවෙන් බදාදා පුහුණු දින වැඩසටහනක් ජුනි මස 20 වන දින එම ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ මඟපෙන්වීම මත පැවැත් වූ එම වැඩසටහන සඳහා නිලධාරීන් 40 දෙනෙක් සහභාගි වූහ. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන කර්නල් පාලන හා භට කාර්ය සම්පාදන ලුතිතන් කර්නල් එස්.ජේ.කේ.ඩී.ඊ ජයසිංහ පුහුණු වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාව සඳහා එක්ව සිටියහ. තවද, එහිදි ශ්‍රී ලංකා සංඥා බලකායේ ලුතිතන් කර්නල් ඒ.ආර්. ඔබේසේකර විසින් ‘Personal Grooming’ පිළිබඳව දේශනයක් ද, 6 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලුතිතන් ටි.එච්.ජේ.සී. සෝමතිලක විසින් ‘Sola Energy System’යන මාතෘකාව යටතේ දේශන පවත්වනු ලැබීය.jordan Sneakers | Women's Nike Air Max 270 trainers - Latest Releases