Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th July 2016 14:32:46 Hours

සප්ත කන්‍යා කදුවැටිය ගවේෂණයේදී අතුරුදහන් වූ සංචාරකයින් පස් දෙනෙකු 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් විසින් පැය 14 කට පසු සොයා ගනී

නෝර්ට්න් බ්‍රිජ් ප්‍රදේශයේ පිහිටි සප්ත කන්‍යා කදුවැටිය ගවේෂණය සඳහා ගිය ප්‍රංශ ජාතිකයින් දෙදෙනකු සහ සංචාරකයින් තිදෙනෙකු ඉරිදා (16) දින සන්ධ්‍යාවේ අතුරුදහන්වී ඇති බවට හදිසි දුරකතන අංශයෙන් ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන්ගේ සෝදිසි මෙහෙයුම්වලින් අනතුරුව ( 17) වන දින උදෑසන වන විට එම සංචාරකයින් පිරිස නිරුපද්‍රිතව සොයා ගනු ලැබීය. එම අතුරුදහන් වූ පිරිස අතර ප්‍රංශ ජාතික මෝගන් ඕගර් සහ ලුවිස් බුසේනි යන වාර්ථාකරුවන් සහ ශ්‍රී ලාංකිකයන් වන ඕ.ඩී.එස් ෆොන්සේකා, පී.සී.එම් මදුරාවෙල සහ ජී.ඒ.පී විශ්වනාත් යන සංචාරකයින් සිටි අතර, (16) උදෑසන කදුවැටිය ගවේෂණය අතරතුර හදිසියේ ඇති වූ ඝණ වළාකුළු තත්වය සහ මීදුමත් සමගම යායුතු ස්ථානය නිශ්චිතවම නිගමනය කළ නොහැකි වීමෙන් එම සංචාරකයින් අතුරුදහන් වී ඇත. හදිසි දුරකතන අංශයෙන් ලද තොරතුරු මත වහා ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 112 වන බලසේනාවේ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් 44 දෙනෙකු විසින් පැවති සීතල සුළං සහිත කාළගුණික තත්වයද නොතකා එම පිරිස සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබීය. අතුරුදහන්වී පැය 14 කට පසු, එනම් (17) උදෑසන 7.15 පමණ වන විට එම පිරිස නිරුපද්‍රිතව සොයා ගත් අතර ඒ වන විට එම පිරිස නිරාහාරව සහ භීතියට පත්ව සිට ඇත. ඒ අවස්ථාවේදී ක්ෂණිකව ග්ලූකොස්, ජලය සහ උත්තේජන බීම වර්ග සංචාරකයින් වෙත ලබා දීමෙන් අනතුරුව යුද හමුදා භට පිරිස් විසින් සංචාරයකයින් ආරම්භක ස්ථානය වෙත රැගෙන යාමෙන් පසු ආහාර ලබා දෙනු ලැබීය. අතුරුදහන්වූ සංචාරයකින් සොයා ගැනීමෙන් පසු 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී විසින් නෝර්ට්න් බ්‍රිජ් පොලිස් ස්ථානය අමතා එම පිරිස භාර දුන් අතර, මේ සම්බන්ධව යුද හමුදාව කඩිනමින් සහ කැපවීමෙන් ක්‍රියාකිරීම පිළිබඳව සංචාරකයින් විසින් යුද හමුදාව වෙත සිය ස්තුතිය පිරිනමනු ලැබීය. Asics shoes | Nike SB