Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th June 2016 21:06:49 Hours

ගනර් සුපර්ක්‍රොස් - 2016 ආරම්භවීමට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ගනර් සුපර්ක්‍රොස් - 2016 ජුලි මස 10 වන දින එම රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වීම සබැදි මාධ්‍ය සාකච්ඡාව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දරගේ ප්‍ර‍ධානත්වයෙන් සිකුරාදා (10) දින ටාජ් සමුද්‍රා හෝටලයේ දී පවත්වනු ලැබීය. එම මාධ්‍ය සාකච්ඡාව සඳහා ධාවන තරගාවලියේ අනුග්‍රහකයින් මෙන්ම ප්‍ර‍ධාන අනුග්‍රාහකයා වන සිංගර් ශ්‍රී ලංකා ආයතනය සහභාගි වූ අතර, මෙහිදී කාලතුවක්කු රෙජිමේන්තු සේනාවිධායක විසින් වාර්ෂිකව මෙවැනි තරඟාවලියක් පැවැත්වීමේ හේතූන් විස්තර කරන ලදී. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ආබාධිත රණවිරුවන්ගේ, මියගිය රණවිරුවන්ගේ පවුල්වල අයවලුන්ගේ සහ දැනට සේවයේ නියුතු රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස් කරගැනීමේ අරමුණින් මෙය පවත්වන බව එම හමුවේදී වැඩිදුරටත් දන්වා සිටින ලදී. ගනර් සුපර්ක්‍රොස් තරගාවලියෙහි මෙම වර්ෂයේ ප්‍ර‍ධාන අනුග්‍රහකයා ලෙස සිංගර් ශ්‍රී ලංකා ආයතන ක්‍රියා කරන අතර, සියැට් කැළණි ජාත්‍යන්තර ටයර් පුද්ගලික සමාගම සම අනුග්‍රාහකත්වය දරයි. බ්‍ර‍වුන්ස් සමාගම නිල බැටරි සැපයීමේ දායකත්වය නොකඩවා හය වන වතාවටත් දරණ අතර, ජෝන් කීල්ස් ආයතනය විසින් ආහාර ,බීම සහ අයිස් ක්‍රීම් සැපයීමේ දායකත්වය සපයනු ලැබේ. ඩීසල් සහ හයිඩ්‍රොලික් ඉංජිනේරු පුද්ගලික ආයතනය සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ආයතනය මෙම විශේෂ අනුග්‍රාහකයන් ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.Adidas shoes | Nike Air Force 1 , Sneakers , Ietp STORE