Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th January 2016 18:41:49 Hours

613 බලසේනාවෙහි නව ගොඩනැගිලි කිහිපයක් විවෘත කරයි

613 බලසේනාවෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ ගොඩනැගිලි කිහිපයක් එම බලසේනාවෙහි බලසේනාධිපති කර්නල් එම්.ඩබ්ලිව්.ඒ.ඒ පෙරේරාගේ ආරාධනයෙන් 61 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.එච්.එස්.පී පෙරේරා විසින් විවෘත කරනු ලැබීය. මෙහි දී බ්‍රිගේඩියර් එස්.එච්.එස්.පී පෙරේරා විසින් නවතමයෙන් ඉදි කරනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා සේවා අංශය, ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ බළලත් නිළධාරී හා සැරයන් නිවස්නය ද විවෘත කරනු ලැබීය. අනතුරුව බ්‍රිගේඩියර් එස්.එච්.එස්.පී පෙරේරා 26 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සහ 24 වන ගජබා රෙජිමේන්තුවෙහි සංචාරයක නිරත වූ අතර, එහි දී ඔවුන්ගේ භට නිවාස පහසුකම් සහ පාලන කටයුතු පිළිබඳව තොරතුරු විමසනු ලැබීය. short url link | NIKE