Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th January 2016 17:43:22 Hours

යුද හමුදා ලාන්ස් කෝප්‍ර‍ල්ගේ අවංකභාවයට පැසසුම්

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරන 3 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායට අයත් ලාන්ස් කෝප්‍ර‍ල් එල්.ජේ පෙරේරා පනාගොඩ යුද හමුදා ජනපදයේ සෙසු නිල විවාහක නිවාස සංකීර්ණය අසල වැටී තිබූ හැඳුනුම්පත් ආදි වැදගත් ලියකියවිල අඩංගු මුදල් සහිත පසුම්බියක් එහි අයිතිකරු වෙත භාර දී ඇති අතර, එම සෙබලාගේ අවංක භාවය බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ පැසසුමට ලක් විය. එම මුදල් පසුම්බිය අහුලාගත් සෙබලා එය අයිතිකරු වෙත භාරදීම සදහා යුද හමුදා පොලිස් හේවා බලකාය වෙත භාර දී ඇති අතර, එම පසුම්බියෙහි රුපියල් 28,300 ක මුදලක්, ජාතික හැඳුනුම්පත,රියදුරු බලපත්‍ර‍ය, යුද හමුදා රියදුරු බලපත්‍ර‍ය සහ යුද හමුදා හැඳුනුම්පත ද තිබී ඇත. ලද තොරතුරු අනුව සොයා බැලීමේ දී එම මුදල් පසුම්බිය 7 වන ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්‍ර‍ල් කේ.ඒ.අයි පුෂ්පකුමාරගේ බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඉදිරියේ එම මුදල් පසුම්බිය හිමිකරු වෙත භාර දෙනු ලැබීය.buy shoes | Nike Shoes, Clothing & Accessories