Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2015 19:23:55 Hours

දමිල භාෂා ප්‍රවීනතා පාඨමාලාව නිමා වේ

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ සිවුවන කථනය පිළිබඳ දමිල භාෂා ප්‍රවීනතා පාඨමාලාවේ සමාප්ති උළෙල බ්‍රහස්පතින්දා (26) දින භාරතිපුරම් උසස් පාබල පුහුණූ පාසලේ දී පවත්වනු ලැබීය. යුද හමුදා සාමාජිකයින් 28 දෙනෙකු සහභාගි වූ මෙම පාඨමාලාව 2015 ඔක්තෝබර් මස 21 වන දින ආරම්භ කරන ලදී. මෙම පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝතසවය 574 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එන්.සී සෝමවීරගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. පාඨමාලාවේ ප්‍රථම ස්ථානය 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ආර්.ඒ.එන් සම්පත්, දෙවන ස්ථානය 6 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ සාමාන්‍ය සෙබල කේ.කේ.ටී දිලීප සහ තෙවන ස්ථානය සාමාන්‍ය සෙබල එම්.කේ චාමර සම්පත් විසින් ලබා ගනු ලැබීය. best Running shoes brand | Nike Shoes