Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2020 19:30:20 Hours

“කොවිඩ් - 19 වෛරසය පාලනය කිරිම සඳහා තවදුරටත් අප සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි” කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී අවධාරණය කරයි

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (28) දින පස්වරුවේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

“දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථානවල අඛණ්ඩව ක්‍රියාත්මක වන නිරෝධායන ක්‍රියාවලියේදී විදේශිකයන් ද ඇතුළුව සාමාජිකයින් 1488 දෙනෙකු නිදහස් කිරීමට අප මේ වන විට සමත් වී සිටිනවා. අද (28) දින නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 309 දෙනෙකු සඳහා සිය නිවෙස් කරා යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද අපි සලසා දුන්නා. නමුත් ඔවුන්ගේ පූර්වාරක්‍ෂාව වෙනුවෙන් තවත් සති දෙකක කාලයක් තමන්ගේ නිවෙස් තුළ රැඳී සිටින ලෙස වෛද්‍ය බලධාරින් පවසනවා. මෙම නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව ඉරිදා (29) දින තවත් පිරිසක් සිය නිවෙස් කරා පිටත් කර යැවීමට අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් කරමින් සිටිනවා.” යනුවෙන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය.

“අද සහ ඊයේ (27) දින තුළ, වතුපිටිවල, කටුනායක සහ බියගම ප්‍රදේශවල පිහිටි නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන 5180 ක් පමණ සේවකයින් ඔවුන්ගේ නිවෙස් කරා රැගෙන යාමට සහාය වෙමින් අප ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයනු ලැබුවා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම නෑදෑයන් සමඟ නැවතී සිටීමට ද තීරණය කළා.” බණ්ඩරගම, අටලුගම ග්‍රාමයේ කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී හඳුනා ගත් පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ පුද්ගලයින් 26 දෙනෙකු පිළිබඳව අනාවරණය කරගැනීමෙන් අනතුරුව සන්නද්ධ හමුදා සාමාජිකයින්/ පොලිස් නිලධාරීන්/ සෞඛ්‍ය නිලධාරීන් එක්ව එම ග්‍රාමයට ඇතුළුවීම සහ පිටවීම් ස්ථාන අවහිර කර ස්වයං නිරෝධායනය කළ යුතු බව පැවසීය. වෛරසය ආසාධනය වූ පුද්ගලයා සමීපව ඇසුර කළ පුද්ගලයින්ගෙන් මෙතෙක් හඳුනාගෙන ඇත්තේ ඉතා සුළු පිරිසක් බැවින් සෞඛ්‍ය නිලධාරීන්ට අනෙකුත් පුද්ගලයින් හඳුනාගැනීම සඳහා මෙම ග්‍රාමය සම්පූර්ණයෙන් නීරෝධායනය කිරීමට හේතු වූවා” යැයි ලුතිනන් ජෙනරාල් සිල්වා පැවසීය.

තවද, විනයගරුක පුද්ගලයින් ලෙස ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස පිළිපදින්නැයි ඉල්ලීමක් ද සිදු කළ ‘කොඩිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති සිවිල් වැසියන් ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථා අනිසි ලෙස භාවිතා කරන බවත්, ඒ හේතුවෙන් පොලිස් නිලධාරින් සමඟ එක්ව ආරක්‍ෂක අංශ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන් හට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රකාශ කරනු ලැබීය. “ඊයේ (27) දින සිට දැඩි ලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා මේ වන විට ප්‍රගතියක් දක්නට ලැබෙන නමුත් මෙම වෛරසයේ බරපතලකම අවබෝධ කර ගන්නා ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. ඒ වගේම, කොවීඩ් - 19 වෛරසය පැතිරීමේ අවධානම තවදුරටත් පවතින බැවින් 2020 මාර්තු මාසයේ 10 වන දිනෙන් පසු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මගීන් ළඟම ඇති පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. මෙය ඔබගේ පවුලේ සහ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත උදෙසා ඔබගෙන් කරනු ලබන ඉල්ලීමක්.” බවද යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කළේය.

මීට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව කොවීඩ් - 19 වෛරසය ආසාධිත රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීම සඳහා අයි.ඩී.එච් රෝහල් පරිශ්‍රයේ නව ගොඩනැගිල්ලක් ගුවන් හමුදා භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ අතර එම ගොඩනැගිල්ල සෙනසුරාදා (28) දින වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට භාරදෙනු ලැබීය. පනවා ඇති පොදු උපදෙස් හා සෞඛ්‍ය රෙගුලාසිවලට ගරු කරමින් ක්‍රියා කලහොත් මෙම වෛරසය පාලනය කිරීමට අප සමත් වන බව ද එතුමන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත තැපැල් දෙපාර්තමේන්තුවේ සමීප සහයෝගය ඇතිව රෝහල්වල මාසික වෛද්‍ය සායනවලට සහභාගී වී ඖෂධ ලබාගන්නා රෝගීන්ට ළඟම ඇති රෝහල් හරහා ඖෂධ නිවසටම ගෙනවිත් දීමේ වැඩසටහනක් දියත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළාය.

ගුවන් හමුදාව විසින් අද (28) දින සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදුන් නව ගොඩනැගිල්ලත් සමගින් නිරෝධායන කටයුතු සඳහා නව කාමර 30 ක් දක්වා වැඩිකර ගැනීමට හැකිවූ බවත් මේ වනවිට කොවීඩ් - 19 වෛරසය ආසාධිත රෝගීන් 110 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. spy offers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger