Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2019 16:27:04 Hours

‘රණවිරු සැමරුම්’ සමය නිල වශයෙන් ඇරඹේ

රණවිරු සැමරුම් මාසය - 2019 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් හට පැළඳවීමේ උත්සවය අඟහරුවාදා (05) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

අතිගරු ජනාධිපතිතුමා විසින් එම අවස්ථාවේදි එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා දශකයක කාලයක් අවසන් වීමත් සමඟම 2019 වර්ෂය ‘රණවිරු සැමරුම් වසර’ ලෙස ප්‍රකාශයට පත් කළේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජේ.ජේ.පි.එස්.ටී ලියනගේ විසින් රණවිරු සැමරුම් සමය ආරම්භ කරමින් ප්‍රථම රණවිරු කොඩිය පැළදවීමේ අවස්ථාව සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු විජේදාස රාජපක්‍ෂ සහ ගරු මහින්ද අමරවීර, පළාත් ආණ්ඩුකාරවරුන්, යුද්ධ, නාවික සහ ගුවන් හමුදාධිපතිවරුන් ද සහභාගි වුහ.

මෙම අවස්ථාවේදී, පසුගිය වර්ෂවලදී රණවිරු කොඩි අලෙවි කිරීමෙන් එකතු කරන ලද මුදල් පළාත් අණ්ඩුකාරවරුන් විසින් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් වෙත භාරදුන්හ. ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් 2019 වර්ෂය සඳහා වූ රණවිරු කොඩි අණ්ඩුකාරවරුන් වෙත ප්‍රදානය කළහ.

රණවිරු සැමරුම් සමය අඟහරුවාද (05) දින නිල වශයෙන් ආරම්භ වු අතර, 2019 ජූනි මස 05 වන දින දක්වා එය ක්‍රියාත්මක වනු ඇත.

2009 මැයි මාසයට ප්‍රථම දශක තුනකට අධික කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුමේදී සිය ජීවිත සහ අත්, පා මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන් සිහිපත් කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් කෘතගුණ සැලකීමේ අරමුණින් වාර්ෂිකව මෙම රණවිරු සැමරුම් සමය සංවිධානය කෙරේ.

ඡායාරූප උපුටා ගැනීම : ජනාධිපති මාධ්‍ය ඒකකය Mysneakers | nike air max 95 obsidian university blue book list