Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2019 13:59:30 Hours

‘මොහොමඩ් රාෆි’ ගේ පැරණි ගීත කිලිනොච්චියේ දී ගායනා කෙරේ

නිහතමානි සංගීතඥයෙකු වන දිවංගත මොහොමඩ් රාෆි ගේ ගීත, ශ්‍රී ලාංකීක ප්‍රේක්ෂකයන්ගේ සහ ගයාන්ස්තාලී භාෂා මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂීක‌ා අමාලි වීරක්කොඩි මහත්මියගේ ආරාධනයකට අනුව මොහොමඩ් රාෆී පදනමේ සභාපති ඉන්දියාවේ කුමාර් සුබ්‍රමනියන් මහතාගේ කටහඬින් පසුගියදා කිලිනොච්චියේ දී ගායනා කල අතර මෙම ප්‍රසංගය සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ සංගීත ප්‍රේක්ෂකයන් 4000 කට අධික පිරිසක් එක්ව සිටියහ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත කිලිනොච්චි ජනතාවට ඉන්දියානු සංගීතමය විනෝස්වාදයක් ලබාදීමේ අරමුණින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ දී පසුගිය ඉරිදා (16) දින සන්ධ්‍යාවේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ දියත් කරනු ලබන තවත් සිවිල් - හමුදා සහයෝගීතා සුභසාධන ව්‍යාපෘතියක් ලෙස මෙම දැවැන්ත ප්‍රසංගය සංවිධානය කරන ලදී. මෙම ප්‍රසංගයේ දී ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදය සඳහා වර්ෂ 1960 සිට 1970 දක්වා දශකය තුල මොහොමඩ් රාෆි මහතා ගායනා කල ජනප්‍රිය ගීත දේව් ෂියාමාන් මහතා සහ හේමාල් වලහත්තන්ත්‍රි මහතා ගායනා කර ඇත.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මෙම සංගීත සැදෑව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම, ගයාන්ස්තාලී භාෂා මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂිකා අමාලි වීරක්කොඩි මහත්මිය, රූපවාහිනි / ගුවන් විදුලි ඉදිරිපත් කරන්නෙකු මෙන්ම හින්දි ගුරුවරියෙකු වන වරුණි නානායක්කාර මහත්මීය ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ. තවද මෙම අවස්ථාව සඳහා සංගීතලෝලීන් 4000 කට අධික පිරිසක් සහභාගි වූහ. Running sports | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1