Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2020 21:17:12 Hours

‘මෙම තීරණාත්මක අවස්ථාවේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මැදිහත්වන්නේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා ගනු ලබන පියවරයන් වෙනුවෙන් යැයි’ යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය

“රටේ වෙනත් ප්‍රදේශවලට කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා මෙම තීරණාත්මක අවස්ථාවේදී වෛරසය ආසාදිතයින් හෝ ඔවුන්ගේ ආශ්‍රීතයන් අදාළ ප්‍රදේශවල සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යමින් මහජනතාව වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් තවදුරටත් මහජනතාව වෙත වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් කඩිනමින් ක්‍රියා කරන අතරම මහජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහාද ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යොදවනු ලබන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (16) පස්වරුවේ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ පැවැති සාකච්ඡාවකදී පැවසීය.

මෙම සාකච්ඡාව ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහිදී, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ නවතම ගැසට් පත්‍රයෙහි අන්තර්ගත කරුණු සහ පවතින අභියෝග, එම ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ කරුණු, වෛරසය ආසාදනය වූ නව පොකුරු කළමනාකරණය කිරීම, නිරෝධායනය ක්‍රියාවලිය, වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඇඳන් හා යටිතල පහසුකම් සැපයීම, කටුනායක කර්මාන්තශාලා සේවකයින් සඳහා විශේෂ වෛද්‍ය උපදේශන ලබාදීම, සංචරන සීමා පැනවීම සහ මිනුවන්ගොඩ හා කටුනායක යන ප්‍රදේශවලින් වෛරසය ආසාදනය වූ නව පොකුරු හඳුනාගැනීම මෙන්ම නිදහස් වෙළඳ කලාප තුල වෛරසය සම්ප්‍රේෂණය වීමේ මූලාරම්භය පිළිබඳ අවධානය යොමු කරමින් සාකච්ඡා කරන ලදී.

මීට පෙර පවත්වනු ලැබූ කාර්ය සාධක බලකා සාකච්ඡාහි ප්‍රතිඵල පිළිබඳ සිදුකළ පසු විපරමකදී, දිවයිනේ අවදානම ඉහල මට්ටමක පවතින ප්‍රදේශ කිහිපයක නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට හේතු වූ කරුණූ පිළිබඳ එම පොලිස් කොට්ඨාශයන් මට්ටමින් සාකච්ඡා කිරීම මෙන්ම සමාජය තුල මෙම වෛරසය පැතිරීම අවම කිරීම සඳහා ගතයුතු අත්‍යවශ්‍ය පියවර පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

තවද, මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ විශේෂඥයින් විසින් ශ්‍රී ලංකාවට විදේශකයින් ගෙන්වා ගැනීම පිළිබඳ පනවා ඇති කොන්දේසි මෙන්ම වෛරසය ආසාදිත පුද්ගලයින් වැඩි වශයෙන් වාර්තා වන බැවින් එම ආසාදිතයින් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීම ඇතුළු තවත් ප්‍රායෝගික ගැටලු රැසක් පිළිබඳ සාකච්ඡා කෙරිණි. එමෙන්ම, ගුවන් තොටුපල ආශ්‍රිතව සිදුවන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව භාණ්ඩ ප්‍රවාහනය කිරීම, ප්‍රදේශ අතර ගමනාගමනය, ගුවන් ගමන් සහ රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ සංචාර යනාදී කාර්යයන් අඛණ්ඩ සිදුකිරීම පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවේදී, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සිය අදහස් දක්වමින් රෝහල් තුළ සිදුකරනු ලබන ප්‍රතිකාර කටයුතු සහ අනාගතයේ දී තත්ත්වය දරුණූ වුවහොත් එම හදිසි අවස්ථාවන්හිදී ගනු ලබන පියවර පිළිබඳව ද කාර්ය සාධක බලකාය හමුවේ විස්තර කරනු ලැබීය. මේ දක්වා සිදුකරනු ලැබූ PCR පරීක්‍ෂණ සංඛ්‍යාව වැඩි කිරීම සහ එතුලින් ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව ඇගයීම ද සාකච්ඡාවේදී සිදුකෙරුණු අතර මෙම අවදානම් සහගත කර්තව්‍යය වෙනුවෙන් කැපවී සිටින සමස්ත සෞඛ්‍ය සේවකයින්ගේ සාමූහික කැපවීම ද ප්‍රශංසාවට ලක් කළේය.

තවද, මෙම කාර්ය සාධක බලකාය විසින් සියලු නිදහස් වෙළඳ කළාප ආවරණය වන පරිදි පූර්වාරක්‍ෂක පියවරයන් ලෙස උපායමාර්ගික රීතීන් නිකුත් කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර ඒ හා සබැඳීව වැඩිදුරටත් පසු විපරමක් ද සිදුකිරීමට අපේක්‍ෂා කරයි.

මෙම කාර්ය සාධක බලකායේ සාකච්ඡාව අවසානයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි මාධ්‍ය වෙත අදහස් දැක්විය. එහි සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ: Nike air jordan Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092