Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2019 22:05:27 Hours

‘බංකර් කුරුටු ගී’ නව සංස්කරණය විරෝධාර රණවිරුවන්ට උපහාරයක් ගෙනදෙයි

පශ්චාත් යුද ඉතිහාසයේ නව සංස්කරණයක් ලෙස ‘බංකර් කුරුටු ගී’ කෘතිය ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරාධිතයින් සහ මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් තුන්මුල්ල, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ශ්‍රවණාගාරයේ දී සිකුරාදා (18) දින සන්ධ්‍යාවේ එළිදක්වන ලදී.

2009 මැයි මාසයට පෙර දශක තුනකට ආසන්න කාලයක් පැවැති ම්ලේච්ඡ ත්‍රස්තවාදී යුද්ධයෙන් පීඩා විඳිමින් සිටියදී සොල්දාදුවන් විසින් බංකර්වල සහ වෙනත් රාජකාරි ස්ථානයන්හි ලියන ලද සිංහල කුරුටු ගී සංග්‍රහයේ එකතුවක් වන ‘බංකර් කුරුටු ගී’ කෘතිය ලොව එකම සිංහල කෘතිය ලෙස රචනා කර එළිදක්වන ලදී.

මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටේගොඩ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලීස් නිලධාරීන් ඇතුළු කලාකරුවන් රැසක් සම්භාවනීය අමුත්තන් ලෙස සහභාගි වූහ.

දිවන්ගත ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ භාර්යාව වන ලීලා කොබ්බෑකඩුව මහත්මීය, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු වෙත ‘බංකර් කුරුටු ගී’ කෘතියෙහි පළමු පිටපත් මෙහිදි ප්‍රදානය කරන ලදී.

තවත් පොත් කිහිපයක කතෘවරයෙකු වන ප්‍රවීණ මාධ්‍යවේදි චරිත් කිරිඇල්ල මහතා විසින් රචිත මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවය සාමයේ දසවර්ෂාභිශේක සැමරුමට සමාගමීව මැයි මස 18 වන දින ආර්යා පදනම විසින් සංවිධානය කරන ලදි.

මෙම උත්සවයේ සමාරම්භක අවස්ථාවේ දී රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් මහා සංඝයා වහන්සේලාගේ පිං අනුමෝදනා මධ්‍යයේ ලීලා කොබ්බෑකඩුව මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ‘පැන් වැඩිමේ’ චාරිත්‍රය සිදුකරන ලදි. Nike air jordan Sneakers | Patike