Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th January 2019 21:00:07 Hours

‘නෙත්’ ගුවන් විදුලි නාලිකාව විසින් ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට සහන සැලසීම සඳහා සහනාධාර තොගයක් යුද්ධ හමුදාධිපතිතුමන් හට භාරදෙයි

පසුගියදා උතුරේ පැවැති ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ පාසල් සිසුන්ට බෙදාදීම සඳහා ‘ඔබත් නායකයෙක්’යන තේමාව ඔස්සේ ‘නෙත්’ ගුවන් විදුලි නාලිකව විසින් දිවයින පුරා තෝරාගත් පාසල් කිහිපයක පොත් එකතු කිරීමේ වැඩසටහනක් පසුගිය දින කිහිපය තුල දියත් කරනු ලැබීය.

‘නෙත්’ ගුවන් විදුලි නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසුරිය මහතා ප්‍රමුඛ ‘නෙත්’ ගුවන් විදුලි නාලිකා පුවත් අංශයේ නියෝජිත කණ්ඩායම දොඩංගොඩ මහා විද්‍යාලය, අකුරැස්ස මහා විද්‍යාලය, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සහ හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් විසින් පරිත්‍යාග කරන ලද පොත් තොගයක්, ගංවතුරෙන් පීඩාවට පත්වූ කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල පාසල් සිසුන්ට බෙදාදීම සඳහා බදාදා (9) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත භාරදෙන ලදී.

ඒ අනුව, දහස් ගණනක් අභ්‍යාස පොත්, චිත්‍ර පොත්, කවකටු පෙට්ටි, පාසල් බෑග්, වතුර බෝතල්, නිල ඇදුම්, මේස්, පාවහන් , කලිසම් රෙදි ඇතුළු ලක්‍ෂ ගණනක වටිනාකමින් යුතු සහනාධාර තොගයක් එකතු කිරීමට ‘නෙත්’ ගුවන් විදුලි නාලිකාවේ මානව හිතවාදී පරිත්‍යාගශීලි බව, සංවේදි බව, සංහිඳියාව සහ සිසු සිසුවියන් පිළිබඳ සැලකිලිමත්වීම යුද්ධ හමුදාධිපතිතුමන් ඇගයුමට ලක් කළහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මෙම සහනාධාර තොගය ආරක්‍ෂක සේනා මුලස්ථාන සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ගංවතුරෙන් විපතටපත් ප්‍රදේශවල පාසල් ළමුන්ගේ පරිහරණය සඳහා බෙදාහැරීමට නියමිතය. Sport media | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ