Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd May 2019 20:01:10 Hours

‘දසවර්ෂාභිශේක’ සැමරුමට සමඟාමීව පැවැති වැඩසටහන් සහ පා ගමන් සඳහා සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි යුද්ධ හමුදා සාමාජිකයින් එක්වෙයි

දිවයිනපුරා පිහිටි ආරක්‍ෂක සේනා මුලස්ථාන, ඉදිරි නඩත්තු පෙදෙස්, සේනාංක, බලසේනා සහ පුහුණු පාසල් යටතේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනක් දසවර්ෂාභිශේක ජාතික රණවිරු සැමරුමට සමගාමීව අඟහරුවාදා (22) දින පැවැත්වූ සාමයේ පා ගමන සඳහා සහභාගි වූහ.

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පා ගමන මහරගම ජනාධිපති විද්‍යාල පරිශ්‍රයෙන් ආරම්භ කර පන්නිපිටිය ධර්මපාල විද්‍යාල පරිශ්‍රයෙන් අවසන් වු අතර බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම පාගමන සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කන්දනආරච්චි, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් උදිත බණ්ඩාර, කර්නල් සම්බන්ධිකරණ බ්‍රිගේඩියර් ක්‍රිස්ති ජයසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වුහ.

එමෙන්ම, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සඳුදා (20) දින රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුන් සිහිපත් කරමින් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුද කරන ලදී.

තවද, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථාන ප්‍රධාන කාර්යාල සංකීර්ණය අභියසදී වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ධජය ඔසවා රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කලහ. ඉන් අනතුරුව දසවර්ෂාභිශේක සැමරුමට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිකුත් කරන ලද පණිවුඩය ද මෙහිදි සියලුදෙනා ඉදිරියේ ප්‍රකාශයට පත් කළහ.

ඉන් අනතුරුව, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පම්පෙමඩු ප්‍රදේශයේ පිහිටි ‘තෙරේසා මව්තුමි වැඩිහිටි නිවාසය’ වෙත පැමිණ දිවා ආහාරවේලක් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලදි. ඉන් අනතුරුව, ජාතික රණවිරු සැමරුමට සමගාමීව වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් සිකුරාදා (17) දින මෙම වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදි.

එමෙන්ම, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ බදාදා (22) දින වවුනියාවේදී සාම පා ගමනක් සංවිධානය කරන ලදී. වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසින් ආරම්භ කල පා ගමන වවුනියාව බෝධිදක්‍ෂිනාරාම විහාරස්ථානය අසලින් අවසන් විය. මෙම පා ගමන සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් 300 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම සැමරුම් වැඩසටහන් සඳහා වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් හරින්ද්‍ර රණසිංහ, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන කර්නල් ඉන්දු සමරකොන් සමඟින් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගි වුහ.

මේ අතර, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ අධික්‍ෂණය යටතේ සාමයේ පා ගමනක් මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය අසලින් ආරම්භ කර මුලතිව් නගරයෙන් අවසන් විය. තවද, මේ සඳහා මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 143 දෙනෙකු සහ සෙසුනිළයින් 772 දෙනෙකු සහභාගි වූහ.

තවද, ඉරිදා (19) දින මුල්ලිවයික්කාල් රණවිරු ස්මාරකය අභියස පොල්තෙල් පහන් දල්වමින් විශේෂ සැමරුම් වැඩසටහනක් පැවැත්විණි.

මෙම සැමරුම් වැඩසටහන සඳහා මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

එමෙන්ම, කිලිනොච්චි භටපිරිස් විසින් බදාදා (20) දින පවත්වනු ලැබු සාමයේ සැමරුම් පා ගමන කරඩිපොක්කු හන්දියෙන් ආරම්භ කර කිලිනොච්චි රණවිරු ස්මාරකය අභියසින් අවසන් විය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී.වී. රවිප්‍රිය ගේ උපදෙස් මත සංවිධානය කල මෙම පා ගමන සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති, සියලුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් රැසක් යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්විය. තවද, පා ගමන දැක බලාගැනිම සඳහා විශාල ජනකායක් මාර්ගය දෙපසට එක්විය.

උතුරු පළාත් අණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය සමඟ සම්බන්ධීකරණයෙන් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු රට වෙනුවෙන් දිවිපිදු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ විරෝදාර රණවිරුවන් සැමරීමේ උත්සවය සඳුදා (20) දින පලාලි හිදී පැවැත්විණි. එහිදි, යුද්ධ හමුදාවට මෙන්ම රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ට බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් පූජකවරුන්ගේ ආශිර්වාද කළහ. මෙම රණවිරු සැමරුම් උත්සවය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පලාලි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

මෙම රණවිරු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ උතුරු පළාත් අණ්ඩුකාර ගරු ආචාර්ය සුරේෂ් රාගවන් පැමිණ සිටි සියලුදෙනා ඇමතීය. තවද මෙම අවස්ථාවට සහභාගිවූ යාපනයේ ඉන්දිය කවුන්සිල් ජෙනරාල් එස්. බාලචන්ද්‍රන් මහතා, උතුරු පළාත් ප්‍රධාන ලේකම් ඒ. පතිනාතන් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. විතනයහම් මහතා, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුධර්ම අරුමනයගම් මහතා, මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේතිශ්වරී මහත්මිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම් එස්. මොහන්රාසා මහතා, වවුනියා දිස්ත්‍රික් අතිරේක ලේකම් තිරේෂ් කුමාර මහතා, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී.වි. රවිප්‍රිය, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය නියෝජනය කරමින් බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩි.සි.කේ. කොස්තා, උතුරු නාවික ප්‍රදේශයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු එස්.ඩි. සෙනරත්න, පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එස්.ඩි. ජයවීර සහ යාපනය නියෝජ්‍ය පොලිස්පති එම්.බි. රාජිත ශ්‍රී ධමින්ද මහතා රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කරන ලදී.

මෙම රණවිරු සැමරුම් උත්සවය සඳහා උතුරු පළාතේ සේවය කරන ජ්‍යෙෂ්ඨ හමුදා හා පොලිස් නිලධාරීන් සහ උතුරු පළාතේ ප්‍රධාන රාජ්‍ය ආයතන නියෝජනය කරන ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

ඉන් අනතුරුව, දිවයින පුරා පැවැති සාමයේ ‘දසවර්ෂාභිශේක’ පා ගමනට සමගාමීව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමාගේ සහභාගිත්වයෙන් බදාදා (22) දින යාපනය අර්ධද්වීයේ පා ගමනක් පැවැත්විණි.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය අසලින් අරම්භ වූ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සංවිධානය කල සාමයේ පා ගමන සඳහා එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දහසකට අධික පිරිසක් සහභාගි වූ අතර යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය අසලින් ආරම්භවූ පා ගමන දොරේඅප්පා ක්‍රීඩාංගණය අසලින් අවසන් විය.

එමෙන්ම, මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් බදාදා (22) දින මහනුවර නගරයේ පැවැති සාමයේ ‘දසවර්ෂාභිශේක’ සැමරුමට සමගාමීව පැවැති පා ගමන සඳහා එක්විය.

මෙම පා ගමන සඳහා 11 වන සේනාංකය, 12 වන සේනාංකය, බලසේනා මුලස්ථාන, පුහුණු පාසල් සහ ඒකක නියෝජනය කරමින් නිලධාරීන් 96 ක් සහ සෙසුනිලයින් 630 ක් සහභාගි වූහ.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ අධීක්‍ෂණය යටතේ 11 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් මෙම පා ගමන සංවිධානය කරන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එස්.එම්.එස්.පි.බි. සමරකෝන්, 111, 121, 122 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වුහ.

එමෙන්ම, රණවිරු සැමරුම් උළෙලට සමගාමීව දිවයින පූරා පැවති සාමයේ පා ගමනට නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය ද එක්විය.

තොපාවැව මධ්‍ය මහා විද්‍යාලය පරිශ්‍රයෙන් ආරම්භ වී පොලොන්නරුව, දීපාඋයන අසලින් අවසන් වූ මෙම පාගමන සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 153 ක් සහ සෙසුනිලයින් 1403 ක් සහභාගි වූහ.

මෙම පාගමන නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ උපදෙස් මත නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි. latest Running | balerínky