Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th March 2020 21:39:25 Hours

‘කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙහි පළමු මාධ්‍ය සාකච්ඡාවේ වත්මන් තත්ත්වය

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ‘කොවිඩ් - 19’ වෛරසය සම්ප්‍රේෂණයවීමට එරෙහිව අවශ්‍ය සියලු පියවරයන් ඒකරාශි කිරීම, කඩිනම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අංක 1090, සිනෝ ලංකා ටවර්ස් ගොඩනැගිල්ල, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය යන ලිපිනයේ ස්ථාපිත කරන ලද ‘කොවිඩ් - 19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ සමාරම්භක මාධ්‍ය සාකච්ඡාව එම මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (17) දින පස්වරු 4.30 ට පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍ය ගරු. එම්.එස්. පවිත්‍රා වන්නිආරච්චි මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘කොවිඩ් - 19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ සමාරම්භක මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධානීන් ලෙස වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කටයුතු කළ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් පබා පලිහවඩන, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ තොරතුරු අධ්‍යක්‍ෂ ජෙනරාල් නාලක කලුවැව යන මහත්ම මහත්මීන් එම මාධ්‍ය සාකච්ඡාවේ මුලසුන දැරෑවන් අතර විය.

දිවයිනට පැමිණි පුද්ගලයින් 2080 ක් දැනට දිවයින පුරා ක්‍රියාත්මක වන නිරෝධාන මධ්‍යස්ථානවල නිරෝධාන ක්‍රියාවලියේ නිරත වන බවත් ‘කොවිඩ් - 19’ වෛරසය ආසාදනය වූ රෝගීන් 34 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති බවත් ඔවුන් රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූවන් පැවසීය. පැය 24 පුරා විවෘතව පවතින මෙම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, දිවයින පුරා ‘කොවිඩ් - 19’ වෛරසය සම්ප්‍රේෂණයවීමට එරෙහිව අවශ්‍ය සියලු කඩිනම් පියවර ගැනීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ උපදෙස් ස්ථාපිත කර තිබේ.

බදාදා (18) දින මධ්‍යම රාත්‍රියේ සිට 2020 මාර්තු 31 දක්වා දිවයිනට පැමිණෙන සියලුම මගීන්ගේ ගුවන් ගමන් අත්හිටුවීමට නියමිත නමුත් දිවයිනෙන් පිටත්ව යන මගීන්ට, භාණ්ඩ ප්‍රවාහන හා අතරමැදි ගුවන් ගමන් හුවමාරු කිසිදු බලපෑමකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇත. මාරාන්තික වෛරසය පැතිරයාම වැළැක්වීමේ සියලු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම ජාතික මධ්‍යස්ථානය දිගින් දිගටම ජනතාව දැනුවත් කරයි. ‘කොවිඩ් - 19’ වෛරසය පිළිබඳ අසත්‍ය හා ව්‍යාජ තොරතුරු හා වාර්තා ප්‍රචාරය කරන පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගනු ලබන අතර එවැනි සිද්ධීන් දෙකක් දැනටමත් හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

මීට අමරතව, ගුවන් තොටුපළට පැමිණ නිරෝධායන ක්‍රියාවලින්ට සහභාගි නොවි පලා ගොස් ඇති පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ. කොවිඩ් - 19’ වෛරසයේ බලපෑමට ලක් වූ ඉතාලියේ සිට මාර්තු මස 1 සිට 9 දින දක්වා කාලය තුළ දිවයිනට පැමිණ නිරෝධායනයට ලක් නොවු පුද්ගලයින් පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට මෙන්ම හදිසි ඇමතුම් අංක 117 හෝ 1390 වෙත දැනුම් දෙන ලෙස නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.

මෙම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සම්පූර්ණ විඩියෝව පහතින් දැක්වේ; Running sneakers | jordan Release Dates