Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2021 18:05:10 Hours

‘කුකුලේගඟ ස්පීඩ් ක්ලයිම්බ් 2021’ තරඟාවලියේ ත්‍යාග ප්‍රදානය යුද්ධ හමුදාධිපති සුරතින්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමය සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘කුකුලේගඟ ස්පීඩ් ක්ලයිම්බ් 2021’ (Kukuleganga Speed Climb 2021) තරඟාවලියේ අවසන් දිනය (11) දින කුකුලේගඟ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතන පරිශ්‍රයේ දී පැවැත්වූ අතර තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූයේය.

යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සිතුවිල්ලකට අනුව ප්‍රථම වරට පැවැත්වූණු මෙම තරඟාවලිය යතුරු පැදි ධාවකයින් සහ මෝටර් රථ ධාවකයින්ට ඉතා අභියෝගාත්මක තරඟාවලියක් වූහ. එහි ධාවන පථය මීටර් 10 ක් පළල සහ අංශක 60 ක ආනතියක් මෙන්ම මීටර් 900 ක දිගකින් යුක්ත වන අතර තියුණු වංගු 2 කින් ද සමන්විත වේ. මෙම තරඟාවලියේ අවසානයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් යතුරු පැදි සහ මෝටර් ධාවන තරඟවල ජයග්‍රාහකයින් කුසලාන සහ සහතිකපත් ලබාගත්හ.

මෙම තරඟාවලිය ඉතා තියුණු තරඟාවලියක් වූ අතර එම තරඟාවලිය සඳහා ප්‍රවීණ යතුරු පැදි ධාවකයින් 120 දෙනෙකුට අධික ප්‍රමාණයක් සහ මෝටර් රථ ධාවකයින් 80 දෙනෙකු සහභාගී වූහ. මෙම තරඟාවලිය සියැසින් දැකබලා ගැනීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් වසන්ත මාදොල, යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු, MTV/MBC නාලිකා ප්‍රධානි සුසර දිනාල් මහතා සහ අනුග්‍රාහක භවතුන් සහභාගී වූහ.

‘කුකුලේගඟ ස්පීඩ් ක්ලයිම්බ්’ (Kukuleganga Speed Climb) තරඟාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් සංවිධායක මණ්ඩලය සහ අනුග්‍රාහකයින් ගේ කැපවීම බොහෝ සෙයින් ඉවහල් විය. මෙම තරඟාවලියේ අවසානය සනිටුහන් කරමින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් වසන්ත මාදොල ස්තූති කථාව සිදුකළේය. Sport media | adidas Yeezy Boost 350