Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2021 09:31:44 Hours

‘Kukuleganga Speed Climb-2021’ යතුරුපැදි සහ මෝටර් රථ තරඟාවලිය ඇරඹේ

යුද්ධ හමුදාවේ සංවිධානයෙන් මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් සඳහා නව ප්‍රවේශයක් ලබාදෙමින් දිවයින පුරා මෝටර් රථ ධාවකයින් 120 දෙනෙක් සහ යතුරුපැදි ධාවකයින් 80 දෙනෙකුට අධික තරඟකරුවන් ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් ‘Kukuleganga Speed Climb 2021’ තරඟාවලිය සෙනසුරාදා (10) දින කුකුළේගඟ ප්‍රදේශයේදී ආරම්භ විය. මෙම තරඟයේ දෙවන දිනය අද (11) දිනය වේ.

යුද්ධ හමුදාවේ මෝටර් රථ ක්‍රීඩා කමිටුව හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් ප්‍රථම වරට කුකුළේගඟ ප්‍රදේශයේ ආරම්භ කරන ලද මෙම තරඟාවලිය යතුරු පැදි තරඟාවලි 10 කින් සහ මෝටර් රථ තරඟාවලි 3 කින් සමන්විත විය. මේ සඳහා යතුරු පැදි ධාවකයින් 70 ක් සහ මෝටර් රථ ධාවකයින් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වූහ.

මනරම් කඳුකර ප්‍රදේශයේ සම්පුර්ණයෙන්ම කාපට් අතුරා සකස්කර ඇති මෙම ධාවන පථය මෝටර් රථ ධාවකයින්ට මෙන්ම යතුරු පැදි ධාවකයින්ට ද නැවුම් අත්දැකීමක් වන අතර ඔවුන්ගේ හැකියාවන් සහ දක්‍ෂතාවයන් ඔප්නැංවීමට ද මෙම ධාවන පථය තෝතැන්නක් වනු ඇත. මීටර් 10 ක් පළල සහ අංශක 60 ක ආනතියක් සහිත මෙම ධාවන පථය මීටර් 900 ක් දක්වා දිවෙන අතර තියුණු වංගු 2 කින් ද සමන්විත වේ.

මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් වසන්ත මාදොල විසින් පළමු තරඟ වටය අවසානයේ ජයග්‍රහණය කළ තරඟකරුවන් සඳහා සහතිකපත් සහ කුසලතා ප්‍රදානය කිරීම සිදුවිය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ. Running Sneakers Store | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov