Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2020 18:05:19 Hours

හෙළ සිරිත් විරිත් සඳහා ගරු කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දළඳා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගනී

ජෙනරල් නිලයට උසස්වීම් ලද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය සමඟ එක්ව උඳුවප් පොහෝය (29) දින මහනුවර ශ්‍රී දළඳා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගත්හ.

එහිදී, ශ්‍රී දළඳා මාලිගාව වෙත සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් පිච්ච මල් වට්ටියක් පිරිනමමින් එතුමන් පිළිගැනීමෙන් අනතුරුව 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාරද සමරකෝන් සහ ශ්‍රී දළඳා මාලිගාවේ නිලධාරින් එතුමන් වෙත සුභපැතුම් පිරිනැමීය. උසස්වීම් ලැබීමෙන් අනතුරුව ශ්‍රී දළඳා මාලිගාවට පැමිණීම වෙනුවෙන් දියවඩන නිලමේවරයා විසින් සිය කාර්යාලයේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිරිනමන ලදී. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ප්‍රධානි පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පසුව, අස්ගිරි මහා විහාරස්ථානය වෙත පැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මහත්මිය අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතනාභිධාන මහනායක හිමිපාණන් මෙන්ම මල්වතු මහා විහාරස්ථානයේදී මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගලාභිධාන මහනායක හිමිපානන් බැහැදැක කෙටි පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව උන්වහන්සේලාගේ ආශිර්වාද ලබාගත්හ.

එම සුහද සාකච්ඡාවන්හිදී, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කාර්යභාරය සහ රට පුරා විවිධ ජාතීන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ කර්තව්‍යයන් පිළිබඳව ද එම මහනායක හිමිවරුන් දෙදෙනා සමඟින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අදහස් හුවමාරු කරගත්තේය.

ඉන් අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා තවත් විහාරස්ථාන කිහිපයක් වෙත ගොස් එම විහාරස්ථානවල වැඩවසන අතිපූජ්‍ය ආචාර්ය නියංගොඩ විජිතසිරී අනුනායක හිමිපාණන්, අතිපූජ්‍ය දිවුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම අනුනායක හිමිපාණන් සහ අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබාගත් අතර එම භික්‍ෂූන් වහන්සේලා විසින් කොවිඩ් - 19 වසංගතය පැතිරීම වැළැක්වීමේ කාර්යභාරය වෙනුවෙන් එතුමන් පැසසුමට ලක් කළහ. Nike shoes | Air Jordan