Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st June 2020 22:25:19 Hours

සිංගප්පූරුවේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු දිවයිනට

ඊයේ (02) දින සන්ධ්‍යාවේ සිංගප්පූරුවේ (Singapore) සිට පැමිණි UL – 303 දරණ ශ්‍රී ලංකන් මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 291 දෙනෙකු දිවයිනට පැමිණි අතර එම පුද්ගලයින් යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙනුවෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ අද (03) දින උදෑසන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනු ලැබීය.

ඒ අනුව, අද (03) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මඟින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,669 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර තම නිවෙස් වෙත පිටත් කර යවා ඇත.

එසේම, අද (03) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40 ක් තුළ පුද්ගලයින් 5,243 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (02) දිනය අවසන් වනවිට කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා විය.

ඊයේ (02) දින නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන් 07 දෙනෙකු හට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති අතර අද (03) දින වනවිට නාවික හමුදාව තුළ කොවිඩ් - 19 ආසාදිත වීරෝදාර රණවිරුවන් සංඛ්‍යාව 763 ක් ලෙස වාර්ථා වේ. ඒ අතරින් 418 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැර වී ඇති අතර වීරෝදාර රණවිරුවන් 345 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත. bridgemedia | M2k Tekno