Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th May 2020 14:09:13 Hours

'සඳහිරු සෑයේ’ හතරැස් කොටුව ඉදිකිරීමට සුබ මොහොතින් පළමු ගඩොල තබයි

අනුරාධපුර ‘සඳහිරු සෑයේ’ හතරැස් කොටුව ඉදිකිරීම සඳහා පළමු ගඩොල තැබීමේ බෞද්ධ ආගමික උත්සවය ඉකුත් සඳුදා (25) දින මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ පැවැත්විණි.

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙනුවෙන් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මඅක ජයසිංහ විසින් මෙහි පළමු ගඩොල තැබු අතර ස්ථුපයේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් කඩිනමින් ක්‍රියාත්මක වේ. මීට වසර කිහිපයකට ප්‍රථම අතිගරු ජනාධිපතිතුමන් විසින් තුන්වන විශාලතම ස්තූපය ඓතිහාසික අනුරාධපුර රාජධානියේ ඉදිකිරීම ආරම්භ කළේය.

ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන සාමාජිකයින්ගේ තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් සිදුකරනු ලබන මෙම ව්‍යාපෘතියේ අවසන් අදියර මේ වනවිටත් සිදුවෙමින් පවති.

මෙම විශේෂ බෞද්ධ ආගමික උත්සවය සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති, 212 වන බලසේනාවේ බලසේනාධිපති, 9 වන ඉංජිනේරු සේවා බලකායේ හා 2 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. short url link | Women's Sneakers