Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th April 2021 16:57:07 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් අජිත් පල්ලාවල බදාදා (07) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.

විශ්‍රාම යාමට පෙර එතුමන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස සේවය කර ඇත. මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස එතුමන් සිදුකළ සේවය මෙන්ම සිය රෙජිමේන්තුවේ ප්‍රවර්ධනය වෙනුවෙන් එතුමන් සිදුකළ කාර්යභාරයද යුද්ධ හමුදාධිපතිතුමන් පැසසුමට ලක් කළේය.

එමෙන්ම, විශ්‍රාම දිවයට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව අදහස් විමසු යුද්ධ හමුදාධිපතිතුමන් සුහද හමුවේ අවසානය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් අජිත් පල්ලාවල වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාව වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළ අතර සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් තමාට ලබාදුන් දිරීගැන්වීම් පිළිබඳව ද විශේෂයෙන් මෙහිදී සඳහන් කළේය. Best Authentic Sneakers | adidas Yeezy Boost 350