Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th April 2020 21:00:22 Hours

ශ්‍රී ලංකා ස්වෙච්ඡා බලසේනාවේ 139 වන සංවත්සරයට සමගාමීව සෙසු නිලයින් 1785 කට නිල උසස්වීම් ලැබිණි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 139 වන සංවත්සරය වර්ෂ 2020 අප්‍රේල් මස පළමු දිනට යෙදී තිබූ අතර එම සංවත්සරයට සමගාමීව එදිනම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ ආශිර්වාදය ඇතිව එම බලසේනාවේ සෙසු නිලයින් 1785 දෙනෙකු වෙත නිල උසස්වීම් ලබාදෙනු ලැබීය.

මේ වන විට රටේ පවතින කොවිඩ් - 19 වෛරස් උවදුර හේතුවෙන් අභිමානවත් ඉතිහාසයක් ඇති ස්වෙච්ඡා බලසේනාවේ 139 වන සංවත්සර වැඩසටහන අත්හිටුවීමට සිදුවිය.

කෙසේ වෙතත්, මෙම සංවත්සර දිනයට සමගාමීව එදින 139 වන සංවත්සර දිනය සිහි කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා නව කඳවුර තුළ ස්ථාපිත කර තිබූ මානූෂීය මෙහෙයුම් සඳහා භාවිතා කළ ටී - 55 මධ්‍යම ප්‍රමාණයේ යුධ ටැංකියේ සමරු ඵලකය මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් නිරාවරණය කළේය. වන්නි මානුෂීය මෙහෙයුම් වලදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරීන් විසින් මෙහෙයවන ලද මෙම ටැංකිය යුද්ධ හමුදා භටපිරිස් සිදු කළ මෙහෙයුම් සඳහා සැලකිය යුතු සහයක් ලබා දුන්නේය. ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් ගුණවර්ධන විසින් නිලධාරීන් කිහිප දෙනෙකු සහ සෙසු නිලයන් සමඟින් සංවත්සර දිනය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කිරීම සිදුකරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාව අප්‍රේල් මස පළමු දින ශ්‍රි ලාංකිකයන් හා සුදු ජාතීන්ගේ එකතුවෙන් “සිලෝන් වොලන්ටියර්ස්” නමින් ආරම්භ වූ බලඇණිය පසුකාලීනව “ද සිලෝන් ලයිට් ඉන්ෆන්ට්‍රි වොලන්ටියර්ස්” බවට පත්විය. ශ්‍රී ලංකා හමුදා ස්වේච්ඡා බලකායේ ස්වේච්ඡා බලඇණි 82 යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් 55000 කට අධික සංඛ්‍යාවක් සහිත විශිෂ්ට සංවිධානයක් බවට ක්‍රමයෙන් පරිණාමය විය. ආරම්භයේ සිටම, මෙම බලඇණිය යුධමය කටයුතු හා සාමය යන දෙකෙහිම ශ්‍රී ලංකා ජාතියට සිය දායකත්වය ලබා දී ඇත.

මෙහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපතිතුමන් සංවත්සරය දිනයේ දී එම බලසේනාවේ සියළු භටපිරිස් අමතමින් සිය සුභපැතුම් එක් කිරීමට අමතක නොකළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය බලසේනාධිපති මේජර් ජෙනරාල් කැළුම් නුගේගොඩ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් සහභාගී වූහ. Running sports | Asics Onitsuka Tiger