Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st May 2019 11:34:28 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සංඥා බලකායේ 9 වන කර්නල් සේනාවිධායක ලෙස ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් නිලන්ත එම්. හෙට්ටිආරච්චි, හමුදා ගෞරවාචාර මධ්‍යයේ පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පසුගියදා පැවැති උත්සවයකදී රාජකාරි අරඹන ලදී.

මීට ප්‍රථම, ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනිමෙන් අනතුරුව මේජර් ජෙනරාල් නිලන්ත එම්. හෙට්ටිආරච්චි එම ධූරයේ රාජකාරි අරඹනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායක, ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබු අතර නව කර්නල් සේනාවිධායක රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කරන ලදී.

ඉන් අනතුරුව, 5 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පි.එච්.එන්. චන්ද්‍රසේකර ගේ අණදීම යටතේ සැඳුම්ලත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද නව කර්නල් සේනාවිධායක වෙත පිරිනමනු ලැබීය. මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි සිය කාර්යාලයේ දී පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඡායනා මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි භාරගනු ලැබීය. ඉන් අනතුරුව, නව කර්නල් සේනාවිධායක රෙජිමේන්තු මූලස්ථානයේ සේවයේ නියුතු සියලුම නිලයින් ඇමතූ අතර සෙසුනිල භෝජනාගාරයේ පැවැති සියලු නිල තේපැන් සංග්‍රයක් සඳහා ද සහභාගි වූහ.

වර්ෂ 1965 පෙබරවාරි මස 25 දින උපත ලැබූ මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය සාර්ථකව හදාරා වර්ෂ 1985 ජුනි මස 06 දින යුද්ධ හමුදාවට එක්වී කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 21 යටතේ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු පාසල වෙතින් සහ පාකිස්තාන හමුදා නිලධාරීන්ගේ පුහුණු පාසල වෙතින් පුහුණුව හදාරා වර්ෂ 1986 ජනවාරි මස 25 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව වෘත්තීමය සංඥා නිලධාරීයෙකු ලෙස රාජකාරි කිරීම සඳහා ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත අනුයුක්ත කරන ලදි. මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි මේ වනවිට ප්‍රධාන සංඥා නිලධාරී ලෙස ද රාජකාරි කරනු ලබයි. වසර 33 කට අධික නොකලැල් යුද්ධ හමුදා සක්‍රීය සේවා කාලය තුලදී මානුෂිය මෙහෙයුම් පැවැති ප්‍රදේශවල සහ අනෙකුත් ප්‍රදේශවල අණදීම්, උපදේශක ඇතුළු මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත. Running sports | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet