Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2020 00:10:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ වාර්ෂික පිරිත් සජ්ඣායනය රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ වාර්ෂික පිරිත් පිංකම ඉකුත් සිකුරාදා (25) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

මහා සංඝරත්නය වර්ණවත් පෙරහැරකින් පිරිත් මණ්ඩපය වෙත කැටුව ඒමෙන් අනතුරුව පූරාණ සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායකතුමන් සර්ව රාත්‍රික ‘පිරිත්’ සඡ්ඣායනා කිරීම සඳහා මහා සංඝරත්නය වෙත ආරාධනා කරන ලදී.

පසුදින (26) උදෑසන මහා සංඝරත්නය 25 නමක් විශයෙහිලා හීල් දානය පිළිගන්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවයේ නියුතු සියලුම දෙනාටත්, විශ්‍රාමික රණවිරුවන්ටත්, සිවිල් සේවක මහතුන්ටත් ආශිර්වාද එක් කළ අතර රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කිරිමද මෙම වැඩසටහනේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කුමාර හඳුන්මුල්ල, රෙජිමේන්තු කවුන්සිල සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි වූහ. Sports Shoes | 『アディダス』に分類された記事一覧