Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd May 2019 23:37:10 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නව පහසුකම් සහිතව ඉදිකරන ලද සැරයන් නිවස්නය විවෘත කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දිර්ඝකාලීනව පැවති අවශ්‍යතාවයක් සපුරාලමින් සැරයන් නිවස්නය සඳහා නව පහසුකම් සහිත දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (23) දින පැවති කෙටි උත්සවයකින් විවෘත කරන ලදි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, වැඩබලන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මුල්‍ය කළමණාකරන මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමන ලදි.

ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුද කරන ලදි.

සම්මාන පෙළපාලියෙන් අනතුරුව සරඹ භූමියේ සිට සියලුදෙනා ඇමතූ යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය මගින් ඉටු කරනු ලබන සේවාවන් පිළිබඳ පැසසුමට ලක් කළහ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සුභ මොහොතින් සමරුඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව රෙජිමේන්තු සැරයන් මේජර් සමගින් එක්ව පීත්ත පටිය කපා නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරන ලදි. මෙම ගොඩනැගිලි සංකීර්ණය රෙජිමේන්තු අරමුදලේ මූල්‍යමය දායකත්වය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරන ලදී.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කර්නල් සේනාවිධායකගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කල යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේනතු මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.

මෙම දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා යුද්ධ හමුදා මුලස්ථානයේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු අරමුදලේ මුදල් යොදාගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහභාගි වූහ.

මෙම උත්සවයේ තවත් විශේෂාංගයක් ලෙස කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර යුද්ධ හමුදාවේ සියලුම නිලයින්ගේ සුභසාධන කටයුතු සඳහා යෙදවීම අරමුණින් රු: 825,000.00 ක මුදලක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත මෙහිදි ප්‍රදානය කළහ.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික නිලධාරීන් සහ විශ්‍රාමික රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වුහ. latest jordan Sneakers | Men's Sneakers