Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th September 2019 12:36:10 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව රෙජිමේන්තු අධිපති ඒකකයන්හි සංචාරයක

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ 10 වන රෙජිමේන්තු අධිපති ලෙස එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය දින කිහිපය තුළ උතුරු පළාතේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හි සංචාරයක නිරත විය.

ඒ අනුව, එතුමන් ප්‍රථමයෙන්ම මුල්ලෙයාවේලි පිහිටි 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, මුලතිව් පිහිටි 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ වැලිඔය පිහිටි 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරය කිරිමෙන් අනතුරුව මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී එම ආරක්‍ෂක සේනා ආඥාපති හමුවිය. 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන්ගේ ආරාධනයකට අනුව එම පරිශ්‍රයේ අභිනවනයෙන් ඉදිකරනු ලැබු මැහුම්හල සහ කරනවැමිහල විවෘත කරනු ලැබීය.

ඉන් අනතුරුව එතුමන් කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරය කරන ලදි. එහිදි එතුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් අමතමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සහ අනෙකුත් පහසුකම් පිළිබඳව සොයා බලන ලදි. මෙම සංචාරය අතරතුරදී එතුමන් 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ නිලධාරීන්ගේ සහ සෙසුනිළයින්ගේ දායකත්වයෙන් අභිනවනයෙන් ඉදිකරනු ලැබු දේශන ශාලාව විවෘත කරන ලදි. පසුව එතුමන් කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 17 වන (ස්වේව්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරය කර එම ඒකකයන්හි යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතීය.

එමෙන්ම, එතුමන් ඉකුත් ඉරිදා (22) දින වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 24 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 5 වන (ස්වේව්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරය කරන ලදි. එම සංචාරය අතරතුරදී එතුමන් 5 වන (ස්වේව්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකීරිමට නියමිත නවාතැන් පහසුකම් සහිත ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තබනු ලැබීය.

එහිදී, මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ භටපිරිස් අමතමින් ඔවුන්ගේ රාජකාරි වඩාත් කාර්යක්‍ෂමව ඉටු කිරීමටත් හමුදාවේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමටත් ඔවුන් දිරිමත් කළේය. මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මුලතිව්, කිලිනොච්චි සහ වන්නි ප්‍රදේශයේ සිදුකරනු ලැබූ සංචාරයන් සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩි.ඒ.කේ. දිසානායක ද සහභාගි විය. Nike air jordan Sneakers | Nike Shoes