Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2020 00:25:43 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 18 වන රෙජිමේන්තු අධිපති ලෙස ඉකුත් සදුදා (28) දින කුරුණෑගල, හෙරලියාවල පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.එම්. තිලකරත්න විසින් ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදී. ඉන් අනතුරුව, නව රෙජිමේන්තු අධිපතිතුමන් රට වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාරයන් පුද කළේය. පසුව, රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය ද නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත පිරීනැමීනි.

ඉන් අනතුරුව මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීනි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව රෙජිමේන්තු අධිපතිතුමන් ඉන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කරන ලදී. පසුව පැවති සියළු නිල තේපැන් සංග්‍රහයකටද එක් වූ එතුමන් මාණ්ඩලික නිලධාරීන් සමඟින් සාකච්ඡාවකට ද එක් විය. latest Nike release | シューズ