Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

විහාරස්ථානයේ ඉදිකිරීම් සඳහා භට පිරිස්හි සහාය

බදුල්ල, හපුවත්ත ශ්‍රී පුර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 බලසේනා භට පිරිස් විසින් දින 06 ක් (පෙබරවාරි මස 12 සිට 17 දක්වා) තුල දී විහාරස්ථානයට ඇතුලුවන මාර්ගය සකස් කිරීම, ධර්ම ශාලාවේ බිත්ති බැඳ කපරාරු කිරීම හා ආවාස ගෙය සකස් කිරීම ආදිය සිදු කරන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ උපදෙස් මත 112 බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්විම යටතේ භට පිරිස් විසින් සිදු කළ මෙම ප්‍රතිසංස්කරණ හා ඉදිකිරිම් කටයුතු සිදු කිරීම පිළිබඳ විහාරාධිපති හිමියන් විසින් සිය ප්‍රසාදය ද පල කළහ.

best shoes | Nike nike dunk high supreme polka dot background , Gov