Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2019 17:12:05 Hours

විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී නව රෙජිමේන්තු අධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගනී

යුදබිමේ මෙහෙයුම්වලදී දැක්වූ දක්‍ෂතාවය මත අනෙකුත් රෙජිමේන්තු අතරින් හොඳම රෙජිමේන්තුව ලෙස පිළිගැනීමට ලක්වූ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ධූරය භාරගැනීම සඳහා අද (07) දින උදෑසන නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථාන වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් චන්දිමාල් පීරිස් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීය.

ඉන් අනතුරුව, විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් හරින්ද්‍ර රණසිංහ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ඩි.ජි.එස්. සෙනෙරත් යාපා විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව විශේෂ බලකා භටපිරිස්ගෙන් සැඳුම්ලත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා ප්‍රධාන පීඨිකාව වෙත කැටුවයන ලදී. සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමීමෙන් අනතුරුව පෙළපාලියේ අණදෙන නිලධාරී විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා කරන ලදී.

නව රෙජිමේන්තු අධිපතිතුමන් සිය කාර්යාලයේදී, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව භටපිරිස් ඇමතීය. මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමුහ ඡායාරූපයකට ද එතුමන් එක්විය.

ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවට සහභාගිවූ සියලුදෙනා සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ. Running Sneakers Store | New Releases Nike