Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2021 12:17:10 Hours

විශ්‍රාමික යුද ප්‍රවිණයන්ගේ ව්‍යවසායකත්ව සහතිකපත් පාඨමාලාවේ පළමු අදියර නිමාවේ

යුද්ධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන්ගේ ඉදිරි සැලසුම් සඳහා අවශ්‍ය පරිසරය සකස්කරදීමේ අරමුණින් ඔවුන්ගේ කුසලතා, මෙහෙයුම් හා පරිපාලන කටයුතු සහ අත්දැකීම් අනාගත අපේක්‍ෂාවන් සඳහා වැඩිදියුණු කිරිම සඳහා ප්‍රථම වරට සංවිධානය කළ ‘M2C හමුදාවන් සඳහා වූ ආයතනික ව්‍යවසායකත්ව සහතිකපත් පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය ප්‍රධානය කිරීමේ උත්සවය ඇක්සස් ටවර් (ACCESS Tower) හීදි සඳුදා (05) දින පවත්වනලදී.

මෙම පාඨමාලාව සඳහා විශ්‍රාමික මේජර් ජෙනරල්වරුන් 18 ක්, එයාර් වයිස් මාර්ෂල්වරුන් දෙදෙනෙකු, රිය(ර්) අද්මිරාල්වරුන් තිදෙනෙකු සමගින් කොමදෝරුවරුන් දෙදෙනෙකු ඇතුළු සාමාජිකයින් 25 දෙනෙකු ඇතුළත් වූහ.

ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) ගේ සංකල්පයක් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරම්භ කරන ලද මෙම පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර එම උත්සවය සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හා නාවික හමුදාධිපතිවරුන් ද ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.

අනාගතයේදී එම යුද්ධ හමුදා ප්‍රවීණයින් ආයතනික දැනුම, කුසලතා හා අත්දැකීම් ඉදිරි රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකියාවල ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගත හැකි වන ආකාරයට පාඨමාලාව සංස්කරණය කර ඇත.

ආරම්භක පාඨමාලාවේ දේශන ශ්‍රී ලංකා ජාත්‍යන්තර රාජ්‍ය කළමනාකරණ සංගමයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ශිෂ්‍ය සංගමයේ අනුශාසක සහ අන්තර් මහද්වීපික මානව සම්පත් කළමනාකරණ ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ රංජීව කුලතුංග, ඕමාර් ඛාන්, ආචාර්ය දිනේෂ් වටවන, බ්‍රෙඩ්ලි ඉමර්සන්, ෆාරාස් ෆාරූක්, ආචාර්ය මාර්ලෝන් ඩෙල් පෙරේරා, කුමාර ගල්හේනගේ සහ ජෙනරල් දයාරත්නායක (විශ්‍රාමික) ඇතුළු විද්වත් කණ්ඩායමකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ආයතනික ආචාරධර්ම හා උපායමාර්ගික චින්තනය, මානව සම්පත් කළමනාකරණය සහ න්‍යායන් මෙම පාඨමාලාවට ඇතුළත් වන අතර, තරඟකාරී වටපිටාවක කළමනාකරණය කාර්යක්‍ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා තාක්‍ෂණය හා දැනුම හුවමාරු කරගැනීම මෙම පාඨමාලාවේ අන්තර්ගතය වේ.

අන්තර් මහාද්වීපික මානව සම්පත් කළමාණාකරන ආයතනය සහ ලංකාවේ වාණිජ මණ්ඩලය මෙන්ම සම්පත්දායකත්ව ආයතනයක් වන 'M2C හමුදාවන් සඳහා වූ ආයතනික ව්‍යවසායකත්ව සහතිකපත් පාඨමාලාවේ අනුග්‍රහක්තවය දක්වන ACCESS ඉංජිනේරු පුද්ගලික සමාගමේ සභාපති සුමාල් පෙරේරා මෙම පාඨමාලාවේ පුරෝගාමී නිලධාරියෙකු ලෙස කටයුතු කරනු ලබයි. තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව සඳහා නව උපායමාර්ගික පරිවර්ථන රාමුවක් ප්‍රථම වරට යෝජනා කරන ලද ආචාර්ය දිනේෂ් වටවන සහ රංජීව කුලතුංග යන අයවළුන් ද මෙම පාඨමාලාවේ විද්වත් මණ්ඩලය නියෝජනය කරති. Asics footwear | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals