Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2022 20:51:40 Hours

විශ්‍රාම දිවියට එළඹීමට නියමිත මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 36 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සමකාලීනයෙකු සහ යුද්ධ හමුදාවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරී වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය පවුලේ සාමාජිකයන් සමගින් බදාදා (23) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

මෙම හමුවේදී, යුද්ධ හමුදාව වෙනුවෙන් මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිදුකරනු ලැබූ සේවය කෘතවේදීව සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුභාශිංෂනයද එක්කළේය.

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පාබල හමුදා නිලධාරියෙකු වශයෙන් යුද්ධ හමුදාව වෙනුවෙන් කළ සේවය සහ කැපවීම ඇගයීමට ලක් කළ යුද්ධ හමුදාධිපතිතුමන් යුද බිමේදී එතුමන් දැක්වූ වීරත්වය පිළිබඳව ද කෘතවේදීව සිහිපත් කළේය.

“රටේ යහපත වෙනුවෙන් කැපවී රාජකාරි කටයුතු සිදුකරන නිලධාරියෙකු වූ ඔබ කිසි විටෙකත් ඔබේ වගකීම් නොසලකා නෙහැරිය බවත්, සෑම අවස්ථාවකදීම යුද්ධ හමුදා ධජයේ ගෞරවය ඉහළ නංවමින් ඔබේ සමකාලීනයන් සමඟ සහයෝගයෙන් ඔබ කටයුතු කල බවත්’’ එහිදී අදහස් දැක්වු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පැවසීය.

2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවේදී නිර්භීත පාබල හමුදා නිලධාරියෙකු ලෙස මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දැක්වූ දායකත්වය ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්වූ අතර, කෙඩෙට් නිලධාරියෙකුව සිටි අවදියේදී ඔහු සම්බන්ධව සිය මතකයන් ද යළි ආවර්ජනය කරනු ලැබීය.

විශ‍්‍රාම දිවියට එළබෙන මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ පවුලේ සාමාජිකයින් එතුමන්ගේ යුද්ධ හමුදා සේවා කාලය තුළදී ඔහු වෙත ලබාදුන් සහය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කරමින් ඔහුගේ විශ්‍රාම දිවිය හා අනාගත සැලසුම් පිළිබඳවද කරුණු විමසන ලදී. අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත සිය සුභාශිංෂන එක්කළේය.

රාජකාරි ඉටුකිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් සහයෝගය, දිරිගැන්වීම් සහ සුභපැතුම් වෙනුවෙන් මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය කෘතඥතාවය පළකළේය.

සුහද හමුව සමාප්තියේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කරන ලදී.

වර්ෂ 1986 ඔක්තෝබර් මස 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනු මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 26 යටතේ මූලික කෙඩෙට් පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් පසුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්ත කෙරිණි. ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2020 වර්ෂයේ මැයි මස 14 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

2022 ජූනි මස 6 දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත්වීමට ප්‍රථම එතුමන් ඛණ්ඩභාර නිලධාරි, කණ්ඩායම්භාර නිලධාරී, විධායක අධිකාරි, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II, දෙවන අණදෙන නිලධාරි, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (MONUC) එක්සත් ජාතීන්ගේ සංවිධාන මෙහෙයුමේ එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I, අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, 532 සහ 512 වන බලසේනාවන්හී බලසේනාධිපති, පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරන නිලධාරි යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක, 66 වන සේනාංකයේ සේනාංකාධිපති, උපකරණ මාස්ටර් ජෙනරාල්, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වැනි ධූරයන් හොබවා ඇත.

තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි දේශීය හා විදේශීය හමුදා පාඨමාලා රැසක් හදාරා ඇති අතර, ඊට විශේෂ තරුණ නිලධාරි පාඨමාලාව - පකිස්ථානය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, හමුදා නිරීක්‍ෂක සහ සිවිල් පොලිස් නිලධාරීන්ගේ සාම සාධක පුහුණු පාඨමාලාව - ඉරානය, මූලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව, ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලාව - එක්සත් රාජධානිය, ඒකක අණදෙන්නන්ගේ පාඨමාලාව (පාබල) - බංගලාදේශය, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ආරක්‍ෂක අධ්‍යයන ආසියා-පැසිෆික් මධ්‍යස්ථානයේ ‘APCSS’ ‘අර්බුද කළමනාකරණය’, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දුනීසියාවේ රාජ්‍ය ප්‍රසම්පාදන නියාමන අධිකාරියෙහි ප්‍රධාන නිත්‍ය අධ්‍යාපන වැඩසටහන සහ මොංගෝලියාවේ ඊසානදිග ආසියා/දකුණු ආසියා කලාපයේ පැසිෆික් ප්‍රදේශයේ ආරක්‍ෂක අංශයේ ක්‍රියාකාරී කණ්ඩායම (PASSWG 2014). යන පාඨමාලාවන් සාර්ථකව හදාරා නිමකර ඇත.

තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ඉන්දුනීසියාවේ ජාතික ප්‍රත්‍යස්ථතා අධ්‍යයන ආයතනයේ උපාය මාර්ගික සහ ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ ශාස්ත්‍රපති අධ්‍යාපනය, මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව කොළඹ විශ්වවිද්‍යාලය, ගැටුම් නිරාකරණය සහ ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලය (University of Bradford) එක්සත් රාජධානිය, මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව මනෝවිද්‍යා අධ්‍යයන ආයතනය, මාර්ගෝපදේශනය සහ උපදේශනය පිළිබඳ උසස් සහතිකය මනෝවිද්‍යා අධ්‍යයන ආයතනය, භූගෝලීය තොරතුරු පද්ධතිය සහ යෙදුම් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, අර්බුද කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව ආරක්‍ෂක අධ්‍යයන ආසියා පැසිෆික් මධ්‍යස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ ලේකම් පරිචය පිළිබඳ වැඩසටහන ආදී පාඨමාලා සහ වැඩසටහන් සාර්ථකව හදාරා නිමකර ඇත.

මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතභාවය හේතුවෙන් එතුමන් වෙත රණ වික්‍රම සහ රණ සූර පදක්කම් ඇතුළු තවත් පදක්කම් කිහිපයක් ප්‍රදානය කරනු ලැබීය.